දේශීය පුවත්

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න යැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී අද (17) මුළු දුන් මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

මහජන එක්සත් පෙරමුණේ 22වැනි සම්මේලනයේ දී ‘‘අපි පතන අනාගතයකට අලූත් ආණ්ඩුවකට අලූත් වැඩ පිළිවෙළක් ’’ යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි තමන් ස්ථිර කරන බවත් එයට සහයෝගය දෙන අතර එකඟතාව ප‍්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ රනිල් වික‍්‍රමසිංහ නොවන බවත් එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට පිළිතුරු වශයෙන් පුළුල් ජාතික සන්ධානයක් අවශ්‍ය වන බව ද සිරිසේන මහතා කියා සිටියේය.

මේ සමුළුවේ දී කථා කරන අන්දමින්ම අලූත් ජාතික සන්ධානයක් සේ අලූත් බලවේගයක් සේ ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ සන්ධානය නොහදා ජනතා බලවේගය දිනන්න පුළුවන් වේවි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනපති පවසයි.

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ කොළඹ නගර ශාලාවේ පැවති මහජන එක්සත් පෙරමුණේ 22 වන වාර්ෂික මහා සමුළුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.මෙම වසර ස්ථීර වශයෙන්ම අලුත් ආණ්ඩුවක් හදන වසරක් බවත් එම අලුත් ආණ්ඩුව අන්ත දක්ෂිණාංශික බලවේගයකට ලබා දෙනවා ද, රටට ආදරය කරන සහ රටේ ප‍්‍රශ්න හඳුනාගත් මෙන්ම රටේ හෙට දවස වෙනුවෙන් වඩා සුදුසු අණ්ඩුවක් බිහිකර ගන්නවා ද යන්න සියලුදෙනා හෘද සාක්ෂියෙන් විමසිය යුතුව ඇති බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේ අද එක්සත් ජාතික පක්ෂය මෙහෙයවමින් සිටින්නේ එහි නායකත්වය විසින් නොවන බවයි.එබැවින් රටට හිතකර සහ රටට අවශ්‍ය අලුත් ආණ්ඩුවක් මෘතෘ භූමියේ හෙට දවසේ අවශ්‍යතාවය බව අවධාරණය කළ ජනාධිපතිතුමා පුළුල් ජාතික සන්ධානයකින් තොරව එම ජයග‍්‍රහණය ලැබිය නොහැකි බව ද කියා සිටියේය.රට මුහුණදී ඇති දැවැන්ත ණය බරින් රට නිදහස් කර ගනිමින් රටට ආර්ථික සමෘද්ධිය ඇති කිරීම සහ ජනතා සිතුම් පැතුම් මල් ඵල ගැන්වීම වෙනුවෙන් යුගයේ අවශ්‍යතාවයක්ව ඇති එම නව ජාතික පුළුල් සන්ධානය බිහිකර ගැනීම වෙනුවෙන් රටට ආදරය කරන සියලු බලවේග එකට එක්විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේ ය.මහජන සිතුම් පැතුම් ඉටුකර ගැනීම වෙනුවෙන් පුළුල් ජාතික අරගලයක නිරත වූ ඓතිහාසික දේශපාලන පක්ෂයක් වන මහජන එක්සත් පෙරමුණේ ගමන් මග ද මෙහි දී ජනාධිපතිතුමා කෘතවේදීව සිහිපත් කළේය.

Gepostet von Maithripala Sirisena am Sonntag, 17. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More