දේශීය පුවත්

දිවයින පුරා කඩින්කඩ වැසි ඇද හැලුන ද, සමස්තයක් වශයෙන් මධ්‍යම කඳුකරයට ප්‍රමාණවත් පරිදි වැසි නොලැබීම හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සැලකිය යුතු අයුරින් පහත බැස තිබේ.

ඉකුත් වර්ෂයේ ජුනි මාසයේදී වාන් දැමූ වික්ටෝරියා ජලාශයේ සමස්ත ජල ධාරිතාව මේ වන විට සියයට පනහක් දක්වා පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්ත පෙන්වා දෙයි.

වික්ටෝරියා ජලාශය උපරිම ජල ධාරිතාව ඝන මීටර් මිලියන 723 ක් වන අතර අද වන විට එහි සක්‍රීය ජල ධාරිතාව ඝන මීටර් මිලියන තුන්සිය හතළිස් නවයක් වේ.

මධ්‍යම කඳුකරයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මාස හතක් වැනි කාලයක් තුළ වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම අඩකින් පමණ පහත බැසීමට ලක්ව ඇත.

ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව අඩු වුවත් එය ඉදිරි මහ කන්නයේ වගාවට දැඩි බලපෑමක් නොකරන බව කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පසුගියදා මහනුවර දී ප්‍රකාශ කළේය.

LNW



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More