ව්‍යාපාරික පුවත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට හා එහි ඉගැන්වීම්වල නිරත ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දීමට සැලසුම් කර ඇති ටැබ් පරිගණක ව්‍යාපෘතියෙන් රජයට රුපියල් බිලියනයකට අධික පාඩුවක් සිදුවන බවට තොරතුරු වාර්තා වේ.

2017 වසරේ අයවැය යෝජනා ලෙස එවකට 12 ශ්‍රේණියට ඇතුළත් වන සිසුන් එක්ලක්ෂ පනස්නවදහස් හැත්තැඅට දෙනකුට (159,078) හා ගුරුවරුන් තිස්හයදහස් හැත්තෑ දෙනකුට (36070) ටැබ් පරිගණක එක්ලක්ෂ අනූපන්දහස් එකසිය හතළිස්අටක් (195148) ලබා දීම සඳහා රුපියල් මිලියන පන්දහසක් (5000) වෙන් කළේ ය.

එහි පළමු මිල ගණන් කැඳවීමේදී ඉදිරිපත් වූ සමාගම් හතෙන් තෝරාගත් සමාගම ඒ සඳහා රුපියල් මිලියන 5366 ක් වශයෙන් මිල ගණන් ඉදිරිපත් කර තිබිණි.

එහිදී මිල ගණන් කැඳවීමේ ටෙන්ඩරයේ ඇති වූ තාක්ෂණික ගැටලු නිසා ජනාධිපතිවරයා විසින් ව්‍යාපෘතිය නතර කළේ ය.
කෙසේ වෙතත් යළිත් වතාවක් පසුගිය පෙබරවාරි 12 වැනි දින අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ ටැබ් පරිගණක මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වන්නේ දෙවැනි වරට ලංසු ඉදිරිපත් කළ සමාගමෙන් එම උපකරණ මිල දී ගන්නා බවයි. ඒ අනුව ඒ සඳහා රුපියල් මිලියන 6234 ක් වැයවන බව සඳහන් කර ඇත.

මේ අතර දෙවැනි වර ලන්සු ඉදිරිපත් කළ සමාගමට ටෙන්ඩරය ලබා දීම සුදුසු වන්නේ ළමයින්ගේ සෞඛ්‍යයට වඩාත්ම හිතකර ටැබ් හා පරිගණකය මෙය නිසා බව තාක්ෂණික කමිටුව විසින් තීරණය කර ඇති බව සඳහන් කර අැත. එහෙත් ළමයින්ගේ සෞඛ්‍යාරක්ෂිත බවට සහතිකයක් ලබාගත් ආයතනයක් සඳහන් කර නොමැත.

සාමාන්‍යයෙන් මාස 6 කට වරක් නූතන පරිගණක මෙවලම් ආශ්‍රිත තාක්ෂණය වෙනස් වන අතර සිසුන්ට හා ගුරුවරුන්ට ලබා දීමට සැලසුම් කර ඇත්තේ වසර දෙකකට වඩා පැරණි තාක්ෂණයකින් යුත් ටැබ් පරිගණකය. ඊට අමතරව මෙසේ සෑම වර්ෂයකම උසස් පෙළ සඳහා ඇතුළත් වන සිසුන්ට මේ ආකාරයට ටැබ් පරිගණක ලබා දීමට සිදුවුවහොත් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වේ.

මීට පෙර එම ටැබ් පරිගණකයක් රුපියල් 27,000 කට ලබාදීමට එකඟ වී ඇති අතර මේ වන විට ඩොලරයේ වැඩිවීමත්, වෙළෙඳපොළ මිල ඉහළ යාමත් සමග බදු නොමැතිව රුපියල් 31946 ක් වන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More