දේශීය පුවත්

ව්‍යවස්ථාදායක සභාවේ අත්තනෝමතික අයුක්ති සහගත ක්‍රියාදාමයන් හේතුකොටගෙන තමන්ට ලැබීමට නියමිතව තිබුණු අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු අහිමි කර සිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව පවසමින් ජේ‍යෂ්ඨ විනිසුරුවරුන් තිදෙනකු ඉදිරි දිනවලදී ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු පැවැරීමට කටයුතු කරමින් සිටින බව අනාවරණය වෙයි.

අධිකරණ ක්ෂේත්‍රයේ ජේ‍යෂ්ඨ තනතුරු සඳහා තෝරා ගැනීමේදී ජේ‍යෂ්ඨතාවෙන් හා වෘත්තීය නිපුණතාවෙන් තමන්ට වඩා පහළ සිටි අය එම තනතුරු සඳහා පත් කර කිසිදු හේතු දැක්වීමකින් තොරව තමන්ට දැඩි අසාධාරණයක් සිදු කළ බව පවසමින් ඔවුන් නඩු පැවැරීමට යන බව අධිකරණ ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාළ තනතුරු සඳහා තමන් නුසුදුසු බව තීරණය කර ඇත්නම් එසේ නුසුදුසු වූයේ කවර හේතුවක් නිසාදැයි යන්න දැනගැනීමට තමන්ට අයිතියක් තිබෙන බවත් ඒ පිළිබඳව දැනුවත් නොකිරීමෙන් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇතැයි පවසමින් මෙම විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බවද ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

විනිසුරු ජේ‍යෂ්ඨතා ලේඛනයේ ප්‍රමුඛ ස්ථානවල තමන් සිටියදී ඊට බෙහෙවින් පහළ ස්ථානවල සිටින විනිසුරුවරුන් ඉහළ තනතුරු සඳහා පත්කර තමන්ගේ කීර්තිමත් විනිසුරු දිවිය අවමානයකට ලක් කිරීම පිළිබඳව මෙම විනිසුරුවරුන් දැඩි කනස්සල්ලෙන් සිටින බවද එම ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

ඒ අනුව අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන් තමන්ට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් යුක්තිය අයදිමින් නඩු මඟට පිවිසීමට යන්නේ මෙරට අධිකරණ ඉතිහාසයේ පළමු වතාවට බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

ඉරිදා මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More