දේශීය පුවත්

20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව මුස්‌ලිම් සිවිල් සංවිධාන 20කගෙන් යුත් සංදේශයක්‌ ඊයේ (15 දා) පස්‌වරුවේ විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතාට භාර දී ඇත.

මෙහිදී ඔවුන් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ සිංහල ජනතාව අතර 20වන සංශෝධනය ගැන කථිකාවක් ආරම්භවී තිබුනත් දෙමළ බස කතාකරන ජනතාව අතර එවැනි කථිකාවක් නොමැතිබවත් මුස්ලිම් දේශපාලන නායකයින් මෙය තම ජනතාව අතරට යෑමට නොදී වසන්කරගෙන සිටිනා බවත්ය.

තවද ඔවුන් පවසා සිටියේ සිංහල මාධ්‍ය තුල යන ප්‍රවෘත්ති දෙමළ මාධ්‍යයට පරිවර්තනය වීමෙදී හා දෙමළ මාධ්‍යයේ යන ප්‍රවෘත්ති සිංහල මධ්‍යයට පරිවර්තනය වීමේදී විශාල වෙනසක් පවතින බැවින් නිවැරදි දේ සාමාන්‍ය ජනතාවට දැනගැනීමට නොහැකි බවත් මුස්ලිම් නායකයින් පසුගිය දිනවල ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පනී සිටිනවා යැයි කියමින් දේශපාලන පක්ශයක් වෙනුවෙන් පෙනී සිටි බවත්ය.
නමුත් මුස්ලිම් ප්‍රජාව තුල හැමදෙනාම මෙය අනුමත නොකරන අතර ඔවුන් පෙනී සිටින්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් නොව තමඅමාත්‍යධුර රැකගැනීමට පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ රජය යම් අවස්ථා වලදී මෙය කෙටුම්පතක් පමණක් ලෙසත් තවත් විටක එය යෝජනාවලියක් පමණක් ලෙසත් හුවාදැක්වන බවත් එමගින් දෙමළ ජනතාව මෙන්ම මුස්ලිම්, සිංහල සියලු දෙනාම රැවටීමට ලක්වනබවත් ය.
තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකතුමන් කියා සිටියේ අප පවසන්නේ එක එක බොරු ජනතාවට ප්‍රකාශ නොකොට ඔවුන්ගේ 20වන සංශෝධන යෝජනාවලිය ඉදිරිපත් කරන්න ලෙසයි.

වත්මන් රජයට පාර්ලිමේන්තුව තුල බහුතරයක් නොමැති බැවින් මෙය සම්මත කරගැනීමට හැකියාවක්ද නොමැති බවත් මෙහිදී සදහන් විය.
තවද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරන සියලු දෙනාට කාලය ඉක්මවා ඇති පලාත් සභා ඡන්දය ලබාගැනීමට කිසිදු උනන්දුවක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට මුස්ලිම් සිවිල් සංවිධාන එකමුතුව නියෝජනය කරමින්
කඳුරට මුස්ලිම් කවුන්සිලය – බදුල්ල, මුස්ලිම් අයිතීන් සුරකීමේ සංවිධානය – කොළඹ, බේරුවල මුස්ලිම් තරුණ සුභසාධන සංගමය, එක්සත් සාම සංධානය – කොළඹ, අහමඩ් ෆාරුක් පදනම, කෙයා ශෙයා සංධානය, මුස්ලිම් හඬ යන සංධානවල නියෝජිතයින් පිරිසක් එක්විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More