ජාතික ආණ්ඩුව ස්ථාපිත කිරීමට නොහැකි වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා කඩිනමින් පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ කණ්ඩායම් දෙකක අවධානය යොමු වී තිබෙන බව එම දෙපාර්ශ්වයේම අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා වේ.
ජාතික ආණ්ඩු යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දැඩි විරෝධය පළ කරන නිසා පසුගිය සතියේ ජාතික ආණ්ඩුවට එක්වීමට සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අට දෙනකු පමණ මේ වන විට තීරණය වෙනස් කරගෙන ඇති බව වාර්තා වේ.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ඇතැම් පක්‍ෂ නායකයන් එකඟත්වය මේ දක්වා පළ කර නොමැති අතර එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 20කට අධික සංඛ්‍යාවක් ජාතික ආණ්ඩුවට මේ වන විටත් එතරම් කැමැත්තක් නොදක්වති.
දෙමළ ජාතික සන්ධානයද ප්‍රකාශ කරන්නේ මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවකට යෑම සුදුසු නොවන බවයි.
මෙම කරුණු සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පක්‍ෂයේ ජේයෂ්ඨයන් කිහිපදෙනකු පක්‍ෂයේ නායකයන්ට පෙන්වා දී තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ගොස් පවතින සුළුතර ආණ්ඩුවද අවදානම් තත්ත්වයකට මුහුණ පෑමට ඉඩ තිබෙන බවයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණයට හෝ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය හෝ පවත්වා එමඟින් යම් අවාසියක් සිදු වුවහොත් එය ජාතික මැතිවරණවලට බලපාන නිසා පාර්ලිමේන්තු මහ මැතිවරණය මුලින්ම පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසද මෙම පිරිස එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
මේ අතර ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගන්නවා නම් වර්තමාන දේශපාලන අර්බුදයට තිබෙන හොඳම විසඳුම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීම බව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් පවත්වන ලද සාකච්ඡාවකදී කතාබහ වූ බව ද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...