දේශීය පුවත්

ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් රැුකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පෙරේදා 13 දා පවත්වන ලද විරෝධතාවයට සුපුරුදු අයුරින් ජල හා කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කර ඇත. රැකියා විරහිත උපාධිධාරීන් රැකියා දෙන්නැයි රජයට බල කරමින් කොළඹට පැමිණීම හා කඳුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත. රැුකියා විරහිත උපාධිධාරීන් සිය අරගලය නොකඩවා ඉදිරියට ගෙන ගියත් රජයෙන් ලැබෙන රැකියාවන් ද නැත.

යහපාලන රජය බලයට පැමිණියේ රැකියා දසලක්‍ෂයක් නිර්මාණය කරන බවට පොරොන්දු වෙමිනි. නමුත් යහපාලන රජයට එම ඉලක්කය ජය ගැනීමට නොහැකි විය. අද යහපාලන රජයක් ඇත්තේ ද නැත. එනිසාම වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සාධාරණ විරෝධතාවයට විසඳුමක් දිය යුතුය. නමුත් මේ වනතුරු ඊට පිළිතුරු වශයෙන් ලැබී ඇත්තේ කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර පමණි. තත්ත්වය දරුණු අවස්ථාවේදී බොහෝ වශයෙන් බැටන් ප‍්‍රහාර රැුකියා විරහිත උපාධිධාරීන්ට ලැබී ඇත. උසස්වීම් ලෙස ඇතැම් අවස්ථාවලදී මෙම ප‍්‍රහාර හමුවේ අතපය කඩාගෙන රෝහල්ගතවීමට ද උපාධිධාරීන්ට අවස්ථාව ලැබිණ. මෙය ඇත්තටම කනගාටුදායක තත්ත්වයකි.

උපාධිධාරීන් රටට සම්පතක් කරගත යුතුය. නමුත් අවාසනාවකට අපේ රටේ ආණ්ඩුවලට උපාධිධාරින් පෙනුනේ ආණ්ඩු විරෝධීන් ලෙසයි. සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීම සඳහා 2017 වර්ෂයේ අගෝස්තු මාසයේදී රජය විසින් සම්මුඛ පරීක්‍ෂණ කැඳවන ලදි. එම සංඛ්‍යාලේඛනවලට අනුව 56375 ක් රැුකියා විරහිත උපාධිධාරීන් සිටි බව අනාවරණය විය. ඉන් අනතුරුව 2018, 2019 යන වර්ෂවලද විශ්වවිiාලවලින් පිටතට පැමිණි බොහෝ පිරිසක් මේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගොඩට වැටී ඇත. ඒ අනුව තත්ත්වය තවත් බරපතළ වී ඇත.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරි සංගමය පවසන අයුරින් මුළු දිවයින පුරා මේ වන විට ගුරු පුරප්පාඩු 35000 ක් පමණ වේ. ඉතා කෙටි කාලීන පියවරක් ලෙස මෙම ගුරු පුරප්පාඩු හෝ උපාධිධාරින්ගෙන් පිරවිය හැකි නම් උපාධිධාරීන්ට අස්වැසිල්ලක් වනු ඇත. එය අධ්‍යාපනය හදාරන අපේ දරු පරපුරේ යහපත පිණිස ද ගත හැකි යහපත් පියවරකි.

අපේ රටේ උපාධිධාරීන් බිහිකරන්න රජය විශාල මුදලක් වැය කළ ද එම උපාධිධාරීන් රටේ ඉදිරි ගමනට රුකුලක් කර නොගැනීම ඛේදවාචකයකි. විශේෂයෙන් විශ්වවිiාලවලින් පිටවන උපාධිධාරීන්ට රැුකියා වෙළෙඳපොළ ඉලක්ක කරගෙන ඔවුන්ගේ උපාධි පාඨමාලා වහා සංශෝධන කළ යුතුය. මේ සම්බන්ධයෙන් මෙතෙක් පැවැති කිසිදු රජයක් ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කර නැත. එසේම උපාධිධාරීන් රැුකියා ඉල්ලා උද්ඝෝෂණය කරන පිරිසක් බවටම පත් නොකර ඔවුන් නව රැකියා උත්පාදනය කරන ආයෝජකයන් බවට පත් කළ හැකි නම් රැුකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නයක් මේ රටට ඉතිරි නොවනු ඇත. ඒ සඳහා වරින්වර වෙනස් වන ආණ්ඩුවලට වෙනස් කළ නොහැකි වන අයුරින් වැඩපිළිවෙළක් සකස් කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය අඩු පොලී ණය පහසුකම් සැලසීම ඇතුළු අනෙකුත් යටිතල පහසුකම් සැලසීම වැනි කාරණා කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතුය.

උපාධිධාරීන් රටට බරක් කර නොගෙන රටට වැඩක් කළ හැකි පිරිසක් කිරීමට පියවර ගත හොත් අප රට වැටී ඇති ප‍්‍රපාතයෙන් ඉහළට ඔසවා තැබිය හැකිය. ඒ සඳහා නිශ්චිත ඉලක්ක සහිත වැඩපිළිවෙලක් අවශ්‍යය. උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නය දෙස එවැනි ධනාත්මක චින්තනයක් ඔස්සේ බැලීමට අප රටේ පාලකයන් පියවර නොගන්නා තෙක් රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප‍්‍රශ්නයට ස්ථිරසාර විසඳුමක් නොලැබෙනු ඇත.

රැකියා විරහිත උපාධිධාරීන් කොළඹට පැමිණ විරෝධතා දැක්වීම සහ පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කිරීම වැනි දෑ සුලබ වී ඇති සිද්ධියට කල්පවතින විසඳුමක් ලැබීමට නම් අප මතු කළ මේ කාරණා ගැන රජයේ අවධානය යොමුවිය යුතු බව අවධාරණය කරනු කැමැත්තෙමු.

දිවයින



One thought on “දිවයින පුරා ගුරු පුරප්පාඩු 35000යි – රැකියා විරහිත උපාධිධාරීන් 56375යි”

  1. පාසල් යන කාලේ පෙල පොත්, සුදු ඇදුම් ,බිකරේ, ටැප් එකේ වතුර දුප්පතාගෙ බදු මුදලින් ලැබුන.උපාධිය ගන්න කාලෙ මහපොල ලැබුන.ඒව හම්බු වෙන්න ඕන දේවල් නෙවෙයි.ඒවයෙන් දරුුවො බුද්ධිමත් උනා.දැනුම් ඇත්තන් බවට පත් උනා.ඒ දරුවො රටට ලෝකෙට නයයි.නයටයි ගත්තෙ මේ සියල්ලම.ඒ නය ගෙවන්න කාලෙ හරි කියල හිතෙනව.ඒත් තව එකෙක්ට ඉගන ගන්න බදු මුදලවත් වරි පනම් වත් සොච්චමක් නැති උපාධිධාරින් රටට ජාතියට බරක් වෙලා කියල දැනෙනව නම් එතන උඩට එන්නෙ මොන වගේ හැගීමක්ද ? හිතල බලන්න.උපාධිධාරින් වදයක් වෙලා පෞද්ගලික අංශයට.නව දැනුම අතේ තියාගෙන ඒ උපාධිධාරින් වේලෙනව.මාස ගානක් යන වැඩේ දවස් කිහිපයකින් කරන්න ක්රමවේදයන් තියනකොට පරන විදියට රටේ ආයතන ඉබි ගමන් ක්රමවේද වලට මල් පහන් පූජා කරනව.අනික උපාාධිය ගන්න විශ්වවිදයාල වලට යනකොට දෙමවුපියො ආමතිවරුන්ගෙ චන්දෙට බැහැල වැඩ කරා නම් ඒක රැකියාවට අමතර සුදුසුකමක් විදිහටයි ගනන් ගැනෙන්නෙ.මේ හැමදේම එක්ක හෙම්බත් වෙලා මිනිස්සු.බලන්න රජයේ ආයතන වල රැකියා හිඟය.ඒ රැකියා හිඟයට රැකියා විරහිත අය නිකං වැඩ කරනව සත පහක් රජයෙන් වත් දෙන්නෙ නැතුව.දිරි දීමනාවක් ලෙස වත් ඒ අයට නෑ කයන සේවයට.උගත් කම නැති තැන ඕන දෙයක් කර ගන්න පුලුවන් කියල දේශපාලකයො දන්නව.ඒකයි ඒ අයට ඕනෙ.උගත්කම තිබ්බොත් ප්රශ්න කරනව.මෝඩ කම තිබ්බොත් ඔහේ වැඩ කරනව.ඉතින් තව මොනවද ? සුදුසු කෙනාට සුදුසු රැකියාව තයෙන්න ඕනෙ එතකොටයි රට ඉස්සරහට යන්නෙ.අනික රජයේ රැකියා සම්භන්ධ නීති මාලාවක් වගේ එකක් තියෙන්න ඕනෙ.එතකොට අවුලක් නෑ.ක්මවේදයි ගොඩ නැගෙන්න ඕනෙ.නැතුව කප්පාදුව නෙවෙයි.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More