දේශීය පුවත්

කුවේට් රාජ්‍යයේ පාර්ලිමේන්තු මිත්‍රත්ව දූත පිරිසක් අද (15) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයෙදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු විය.

මෙම කණ්ඩායමේ ප්‍රධානියා වූයේ එරට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතාය.

එහිදී අගමැතිවරයෙතු , ජනාධිපතිවරයෙකු හා වර්ථමාන විපක්‍ෂ නායකවරයා ලෙසත් දේශපාලනය හා රාජ්‍ය පාලනය පිළිබඳ විශාල අත්දැකීම් ඇති පුද්ගලයෙකු ලෙස ඔබතුමන්ව හමුවීමට ලැබීම සතුටක් බව මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතා මෙම හමුවේදී සඳහන් කළ බව වාර්තා වෙයි.

එමෙන්ම දෙරට අතර තිබෙන දිගුකාලීන මිත්‍රත්වය වර්ධනය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බවද ඒ මහතා පැවසීය.

ශ්‍රී ලාංකික කාන්තාවන් කුවේට් රාජ්‍යයේ සේවය කිරීම පිළිබඳව හා ඔවුන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස මෙහිදී‍ෙමහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියේය.

වෙනත් රටවල ශ්‍රමිකයන් ලෙස නොව ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යයේ නීති ගරුකව සේවය කරන බව මහාචාර්ය අඩේල් ජෙ. ඒ. එම්. අල්ඩම්කි මහතා සඳන් කළ ඇති බව .

කුවේට් රාජ්‍යයේ තෙල් පිරිපහදු ආයතන වෙත ශ්‍රී ලාංකීය ඉංජිනේරුවන්ගේ හා තාක්‍ෂණික ශිල්පීන් සේවය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද මෙහිදී විපක්‍ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මෙම පිරිසට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නයාෆ් අබ්දුල්අසීස් එම්. අලජ්මි, අබ්දුල්ලාහ් එෆ්. එච්. එෆ්. ඒ. ඇලෙන්සි හා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති ක්ලාෆ් එම්. එම්. බුදාර් මහතා හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පාර්ලිමේතු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පු‍ල්ලේ විපක්‍ෂ නායක ලේකම් හර්ෂ විජේවර්ධන හා විපක්‍ෂ නායක පෞද්ගලික ලේකම් උදිත් ලොකුබණ්ඩාර යන මහත්වරුන්ද සහභාගී විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More