පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපරිම ලෙස ලබාගත හැකිවූයේ 42%ක ප්‍රතිශතයක් බවත් එහෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමකින් තොරව ජයග්‍රහණයක් අපේක්ෂා කළ නොහැකි බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙයි.
ශ්‍රීලනිප – පොහොට්ටු සන්ධානයකට එරෙහිව කිසිවකු හෝ කතා කරන්නේ නම් ඒ, එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමේ කොන්ත්‍රාතුව ඉටු කරන අය පමණක් බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
ජාතිකවාදී සහ වාමාංශික කඳවුර විසින් මැතිවරණය ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාව හඳුනාගෙන ඇතත් සියලුම පක්ෂවල එකඟතාවයෙන් අපේක්ෂයා තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රීලනිපය නොමැතිව වුවත් ජයග්‍රහණය කිරීමේ හැකියාව පොහොට්ටුව සතුව පවතින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...