මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව මරණ දඬුවම ලැබ බන්ධනාගාරගතව සිටියදී තවදුරටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයන් 14 දෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමටහැකිබවටනීතිපති නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී ඇතැයිවාර්තාවේ.
මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන මහතා අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශයෙන් සිදුකළ ඉල්ලීමකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එම තොරතුරු අධිකරණ හා බන්ධනාගාර අමාත්‍යාංශය වෙත භාරදී තිබේ. එම තොරතුරු අමාත්‍යාංශය මගින් නීතිපතිවරයාට යොමුකර ඇති අතර, මරණදඬුවම ලබාදිය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිපති නිර්දේශය අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ. එම නිර්දේශ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් ජනවාරි මාසයේදී ජනාධිපති සිරිසේන මහතාවෙත භාරදී ඇතැයිද සඳහන්වේ.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණදඬුවම හිමිව බන්ධනාගාරගත වූ පුද්ගලයන් 48 දෙනෙකු සිටින බවත්, එයින් 30 දෙනෙකු මේවනවිට අභියාචනා ඉදිරිපත් කර ඇති බවත් අධිකරණ අමාත්‍යාංශය මගින් ජනාධිපති කාර්යාලයට දැනුම්දී තිබිණි.
ඉතිරි 18 දෙනා අතුරින් 03 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට කිසිදු බාධාවක් නැතැයිනීතිපතිවරයා ජනාධිපතිවරයාට දැනුම්දී තිබුණේපසුගිය ඔක්තෝබර් මාසයේදීය.
ඉතිරි පුද්ගලයන් 15 දෙනා පිළිබඳ නීතිපති මතය පසුගිය ජනවාරි මාසයේදී ජානාධිපතිකාර්යාලයට යොමුකර ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුව අමතමින් ඒබව සඳහන් කළේය.මෙම පුද්ගලයන් 15 දෙනා අතුරින් 11 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට බාධාවක් නොමැති බවට නීතිපතිවරයා දැනුම්දී ඇතැයිද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...