එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ඉලක්ක කරගනිමින් දෙමළ ජාතික සන්ධානය එම කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා ඔවුන් හා සාකච්ඡා කිරීම ආරම්භ කර ඇත.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා ඇතුළු කණ්ඩායමක් කැනේඩියානු නියෝජිතවරුන් පසුගියදා කොළඹදී හමුවී සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ30/1, 34/1 යන යෝජනාවල සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව දක්වනු ලබන මන්දගාමී ස්වරූපය ගැන පෙන්වාදී ඇති අතර එම යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ගැනීමට ශ්‍රී ලංකා ආණ්ඩුවට බලපෑම් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කර ඇත.
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වයෙන් ඉවත් වීම නිසා කැනඩාව හා බි්‍රතාන්‍ය රාජ්‍යයන් මෙම යෝජනා සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කරනු ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
ඒ අනුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරය සඳහා දෙමළ ජාතික සන්ධානයේ කණ්ඩායමක් සහභාගි වීමටද තීරණය කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...