දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 40 වැනි මානව හිමිකම් සැසිවාරයට රාජ්‍ය නොවන සංවිධාන තිහක් ශ‍්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් වූ වාර්තා තිහක් ඉදිරිපත් කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.

වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එම පක්‍ෂ මූලස්ථානයේ (12 වැනිදා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසුව මේ ගෙවෙන්නේ දස වැනි සමරුව මැයි මස 19 වැනිදාට වසර 10 ක් සම්පූර්ණ වෙනවා. ඒ සැමරුම සඳහා ශ‍්‍රී ලංකාව සූදානම් වන වෙලාවේ සියලූ ජාතීන්ට සාමකාමීව ජීවත් වීමට අවස්ථාව උදාකර දුන් රණවිරුවන්ගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලිය දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙනවා. මානව හිමිකම් කොමසාරිස්වරයා ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළේ යැයි කියන යෝජනාවට ශ‍්‍රී ලංකා රජය එකඟ වුණා. පෙබරවාරි 20 වැනිදා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සමුළුව ආරම්භ වෙනවා. යුද අපරාධවලට සම්බන්ධ රණවිරුවන්ට දඬුවම් කිරීමේ කාලය දී ඇත්තේ 2019 අවසන් වන තෙක් පමණයි. මේ කාලය අවසන් වන විට තවදුරටත් රණවිරුවන්ට දඬුවම් කරමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගැනීමට රජයට අවශ්‍යයි. පසුගිය කාලයේ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු රණවිරුවන් කිහිප දෙනෙක්ම සිරගත කළා. පෙබරවාරි 25 26 සැසි වාරයට රාජ්‍ය නොවන සංවිධාන 30 ක් අපේ රණවිරුවන්ට එරෙහිව යෝජනා තිහක් ඉදිරිපත් කර තිබෙන බවට වාර්තා වෙලා තිබෙනවා.

එජාප රජයේ එකඟතාව පරිදි රණවිරුවන් 59 දෙනෙකුට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී චෝදනා සූදානම් වෙලා අවසන්. මෙවැනි තත්ත්වයක් තුළ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරාජය කිරීමට දායකත්වය ලබා දුන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව පෙබරවාරි 25 වැනිදාට පෙර අත්අඩංගුවට ගන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, හේමසිරි ප‍්‍රනාන්දු යන අයගේ ආශිර්වාදය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා සූදානම් වෙනවා. එතුමාට නඩු පවරන්න යන්නේ 732 – 2009 නඩුව යටතේය. මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට නඩුව අවසන් වී දඬුවම් ලැබෙන තුරු කරන්නාගොඩ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කතාව ලස්සනට ගොතපු ප‍්‍රබන්ධයක්. මේ කතාව ගොතපු අයට ත්‍යාග සහ සම්මාන පවා ප‍්‍රදානය කර තිබෙනවා. මේක රඟදක්වපු නළුවන් අතර නාවික හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ඉන්නවා. ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යුද අපරාධ කළ අයට දඬුවම් කරන්න ලෑස්තියි කිව්වා. කරන්නාගොඩ සිරගත කළාට පසුව මානව හිමිකම් කොමිසමට යෝජනා කර තිබෙන අනිකුත් නිලධාරීන්ටත් දඬුවම් කරන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

පරස්පර විදිහට ප‍්‍රබන්ධ හදලා යෂ්මින් සූකාගේ 59 වැනි ලේඛනයේ හතර වැනියාටත් ඉන්න ජිනීවා මානව හිමිකම් සමුළුවේ 40 වැනි සැසි වාරයට පෙර වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීමේ මේ මහා අපරාධයට ඉඩ දෙන්න එපා. මේක වැළැක්විය යුතුය. බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කරන්න දිවි හිමියෙන් කැපවූ රණවිරුවන් දංගෙඩියට යවන්නයි මේ ලෑස්ති වෙන්නේ. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට කවුරුත් විරුද්ධ වුණේ නැහැ. ඔවුන් දැන් ශවේන්ද්‍ර සිල්වාගේ විදේශ ගමන් තහනම් කරන්න කියලා ඉල්ලා තිබෙනවා. කරන්නාගොඩ මහතා කෙරෙහි සරත් ෆොන්සේකාගේ තිබෙන පුද්ගලික වෛරයත් මේකට බලපා තිබෙනවා. රටේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව අවධානයෙන් සිටින්න කියලා. මේ වීරෝදාර රණවිරුවන් නිසයි අපි රටේ බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට අවස්ථාව උදා වුණේ. කරන්නාගොඩ මහතා විශිෂ්ට රණවිරුවෙක්. එවැනි වීරවරයෙක් තමයි මේ විදිහට සිරගත කරන්න උත්සාහගන්නේ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා එජාපය විසින් කළ මහා අපරාධය වැළැක්වීමට කටයුතු කරන ලෙසට.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More