දේශීය පුවත්

රටේ තිබෙන වැදගත් ප්‍රශ්න යට ගසා නොවැදගත් මාතෘකා උඩට ගන්නා, සත්‍ය යටපත්කර බොරුව සමාජගත කරන දේශපාලනඥයන්ට හැකි නම් තමන් සමඟ ප්‍රසිද්ධ මාධයක විවාදයකට පැමිණෙන ලෙසට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා අභියෝග කරයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ අභියෝග කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ දිනවල බොහෝ සමාජ මාධ්‍ය මගින් සහ ඇතැම් ජනමාධ්‍ය යොදා ගනිමින් දේශපාලන පක්‍ෂවලට අයත් පිරිස් විසින් ද මට විවිධ අවලාද නඟනවා. බොහෝ අවලාද එල්ල වන්නේ මා විසින් තලවතුගොඩ පවත්වාගෙන යන ව්‍යාපාරය සම්බන්ධයෙනුයි. ‘නිරෝෂන් ප්‍රේමරත්න පර්චසය මිලියන 2.2 බැගින් තලවතුගොඩින් ඉඩමක් අරගෙන, බිල්ඩිමක් හදලා ව්‍යාපාරයක් කරගෙන යනවා. එහි වටිනාකම කෝටි 08ක් පමණ වෙනවා. නිරෝෂන් ප්‍රේමරත්නට කෝටි 08 කොහෙන් ද?’ කියලයි සමාජ මාධ්‍ය ඇතුළු ජනමාධ්‍ය මගින් මුලින්ම අවලාද ගැහුවේ.

පසුගිය දිනවල මම පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවෙන් පසුව ද වෙනත් බොහෝ අවලාද එල්ල වෙනවා. මුලින්ම කියන්න ඕනේ, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන, ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් ආරම්භ නොකළ බව. මේ සියලුදෙනා කියපු පළමු බොරුව තමයි, මම තලවතුගොඩින් ඉඩමක් අරගෙන ගොඩනැගිල්ලක් හදලා ව්‍යාපාරයක් පටන් ගත් බව. ඊළඟ බොරුව තමයි මේ සියල්ලේ වටිනාකම රුපියල් කෝටි 08ක් බව කීම. තුන්වන බොරුව තමයි මාකඳුරේ මධුෂ් ඩුබායිහිදී අත්අඩංගුවට පත් වුණාම ‘මේ කෝටි 08 නිරෝෂන්ට දුන්නේ මධූෂ්’ බව කීම.

‘ණය මුදල කෝටි 03යි’

මම මේ ව්‍යාපාරය කරන්න කුඩුකාරයන්ගෙන් හෝ පාතාලයන්ගෙන් සත 05ක්වත් අරගෙන නැහැ. මේ ව්‍යාපාරය කිරීමට මම ගොඩනැගිල්ලක් ගත්තේ කුලියට. ඕස්ට්‍රේලියාවේ සිටින වෛද්‍යවරයකුට අයත් ගොඩනැගිල්ලක් තමයි මම කුලියට ගත්තේ. 2017 සැප්තැම්බර් මාසයේ සිටයි එය කුලියට ගත්තේ. නමුත් මාස 06ක් එනම් 2018 මාර්තු තෙක් මම මේ ව්‍යාපාරය ආරම්භ කිරීමට නොහැකිව සිටියා, මුදල් නොමැතිකම නිසා. පසුව මම ලංකා බැංකුව සමඟ කතා කරලා කෝටි 03ක ණය මුදලක් ඉල්ලුම් කළා. එතැනදීත් බොහෝ පිරිස් කීවේ මම කෝටි 08ක ණය මුදලක් අරගෙන තිබෙන බවයි. මේ ණය මුදල ලබා ගන්න ඇපයට තබන්න දේපළක් අවශ්‍ය වුණා. එවිට තලවතුගොඩ සිටින මගේ සංගීත් නැමැති මිතුරා ඔහුට අයත් ඉඩමක් ඇපයට තැබීම සඳහා මට ලබා දුන්නා. ඒ අනුව 2018 ජනවාරි මාසයේ කෝටි 03ක ණය මුදල අරගෙන මම 2018 මාර්තු මාසයේ සිට මේ ව්‍යාපාරය ආරම්භ කළා.

‘පාලු ගෙවල්වල වලං බිඳින්න එපා!’

දැන් කවුරුත් පාලු ගෙවල්වල වලං බිඳින්න ඕනේ නැහැ. මේ ණය මුදල ගත්තු ලංකා බැංකුවේ පාර්ලිමේන්තු සංකීර්ණ ශාඛාවට ගිහින් නිරෝෂන් ප්‍රේමරත්න ගත්තු ණය මුදල කීය ද? ඇපකරය හැටියට තැබුවේ කුමක් ද? මාසයකට ගෙවන ණය මුදල කීය ද? ආදී ප්‍රශ්න සියල්ලටම උත්තර ලබා ගැනීමට ඕනෑම කෙනෙකුට පුළුවන්.

කෙසේ වෙතත් 2018 මාර්තු පටන් ගත්තු ව්‍යාපාරය 2018 මැයි මාසය වන විට රටේ පවතින ආර්ථිකය කඩා වැටීමේ ප්‍රතිඵලයක් හැටියට පාඩු ලබන තත්වයට පත් වුණා. ගොඩනැගිල්ලේ මාසික කුලිය ගෙවීමට නොහැකි වුණා. ඒ මුදල ‘කී මනී’ වලින් අඩුකර ගැනීමට ගොඩනැගිල්ල අයිති අය කටයුතු කළා. සැපයුම්කරුවන්ට නිසි කලට මුදල් ගෙවීමට බැරි වුණා. බැංකු වාරිකය යන්තමට ගෙවා ගත්තා. අද වන විට මේ ව්‍යාපාරය පවත්වා ගෙන යාමට බැරි තත්වයක් තමයි තිබෙන්නේ. ගොඩනැගිල්ල හිමිකාර වෛද්‍යවරයාගේ නීතිඥ මහතා දැනටමත් දැනුම් දී තිබෙනවා ‘2019 පෙබරවාරි 28 වැනිදා වන විට ගොඩනැගිල්ලෙන් ඉවත් වෙන්න’ කියා. නමුත් වෛද්‍යවරයා පසුව දුරකථනය මගින් කතාකර පැවසුවා ‘කමක් නැහැ මාර්තු 31 වැනිදා වන තෙක් සිටින්න’ කියා. එවිට මම වෙද්‍යවරයාගෙන් ඉල්ලුවා ‘හැකිනම් මට මේ ගොඩනැගිල්ලේ අප්‍රේල් මාසය තෙක් ඉන්න ඉඩ දෙන්න. අප්‍රේල් උත්සව සමයේ දැනට පවතින භාණ්ඩ තොග විකුණලා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල් ගෙවීමට හෝ ඉඩ ලබා දෙන්න’ කියලා. තවම එයට පිළිතුරු ලැබී නැහැ. 2019 පෙබරවාරි 28 ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට නීතිඥවරයා එවූ ලිපිය මම ඔබ වෙත දැන් ඉදිරිපත් කරනවා. මේක තමයි සත්‍ය සිදුවීම.

මේ ව්‍යාපාරයට ණය ගත්තු ආකාරය ලංකා බැංකුවෙන් දැන ගන්න කාටත් පුළුවන්. මේ පිළිබඳව මීටත් වඩා දැන ගැනීමට කිසිදු දේශපාලනඥයකුට උවමනා නම් ඒ සඳහා ප්‍රසිද්ධ මාධ්‍යයක විවාදයකට එන ලෙස මම අභියෝග කරනවා. මේ අවස්ථාවේ රටේ තිබෙන වැදගත් මාතෘකා, ප්‍රශ්න යට ගහන්න වැදගත් නැති මාතෘකාවක් උඩට අරගෙන මඩ ගැසීමකුයි මෙතැන සිදු වන්නේ.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

.

පාලුගෙයි වළං බිදිනේ නැතිව පුළුවන්නම් ප්‍රසිද්ධ විවාදයකට එන්න නිරෝෂන්ගෙන් අභියෝගයක්

Gepostet von Lanka Lead News am Donnerstag, 14. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More