දේශීය පුවත්

මැයි මාසයට පෙර පළාත් සභා ඡන්දය නොපවත්වන්නේ නම් ආණ්ඩුව පෙරළා පළාත් සභා මැතිවරණයට යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඉන් පසුව ජනාධිපතිවරණයටද යා හැකි බවයි දිසානායක මහතා සඳහන් කළේ.

පසුගිය ඔක්තෝම්බර් 26 සිදුවූ පෙරළිය වැනි දෙයකට යළි සූදානම් වන්නේද යන්න මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම සැලැස්ම හෙළිකළ නොහැකි නමුත් වත්මන් ආණ්ඩුව පෙරළා නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වීය.

මෛත්‍රී, ගෝඨාභය, බැසිල්, චමල්, දිනේෂ් වැනි අපේක්ෂකයන් රැසක් සිටියද එක්සත් ජාතික පක්ෂයට සිටින්නේ රනිල් වික්‍රමසිංහ පමණක් බව හෙතෙම කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More