දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරමට හා පරිසර විනාශයට කවුරුන් හෝ සම්බන්ධ වන්නේ නම් තනතුරු, පදවි නොසලකා නිසි ලෙස ම නීතිය කි‍්‍රයාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (14) පෙරවරුවේ අනුරාධපුර සල්ගාදු කි‍්‍රඩාංගණයේ පැවති අනුරාධපුර දිස්ති‍්‍රක් පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර සංරක්ෂණයේ වැදගත්කම අද විෂයක් ලෙස හඳුනාගත්ත ද එය තවමත් නිසි ලෙස ප‍්‍රායෝගික අන්දමින් ජනතාව අතර කි‍්‍රයාත්මක නොවන බවයි.

පරිසර සංරක්ෂණ කි‍්‍රයාවලිය කිසිසේත් කිසිවෙකු විසින් පැහැර හැරිය නොහැකි වගකීමක් බවට අද පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් උත්සන්න වන කාලගුණික විපත් මගින් වැඩිම අවධානමට ලක්ව ඇති රටවල් අතර මේ වන විට ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයට පත්ව ඇති බව නවතම ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාවක් මගින් පෙන්වා දී ඇති බව ද සඳහන් කළා.

දැවැන්ත පරිසර විනාශයත් සමග මතුව ඇති මෙම අයහපත් තත්ත්වය පිළිබඳ සියලූ බුද්ධිමත් ජනතාව ප‍්‍රමුඛ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා මිනිසා ප‍්‍රමුඛ සියලූ සතුන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිබඳ පැහැදිළි සාධකය වන පරිසරය රැක ගැනීම වෙනුවෙන් රජය ගෙන යන දැවැන්ත පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළ සමග නොපමා ව සියලූදෙනා අත්වැල් බැඳගත යුතු බව ද කියා සිටියා.

අද රක්ෂිත වනාන්තරවලට ඇතිවී තිබෙන බරපතළ තර්ජනය මෙරට පරිසර විනාශයට ප‍්‍රබල හේතුවක් වී ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ගස් කැපීමට භාවිතා කරන විදුලි කියත් බලපත‍්‍රයකට යටත් කිරීමට රජයක් ලෙස පළමු වරට තමා පසුගියදා තීරණයකට එළැඹියේ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස බව ද කියා සිටියා.

මෙම මාර්තු 01 වන දාට පෙර සෑම පුද්ගලයෙකුම සතුව තිබෙන විදුලි කියත් පිළිබඳ පොලිසිය දැනුවත් කර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා බලපත‍්‍රයක් ලබාගැනීම අනිවාර්යය බව සඳහන් කළ ජනාධිපතිතුමා පොලීසිය මෙන් ම ග‍්‍රාමීය ව කටයුතු කරන සියලූ ක්ෂේත‍්‍ර නිලධාරින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නා.

අනවසරයෙන් මෙම විදුලි කියත් ළග තබාගතහොත් එම පුද්ලයන්ට එරෙහි ව නීතිය කි‍්‍රයාත්මක කර දඬුවම් පැමිණවීම පිළිබඳ ගැසට් පත‍්‍රය කඩිනමින් නිකුත් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම විදුලි කියත් මෙරරට ගෙන්වන වෙළෙඳ ආයතන සමග සාකච්ඡා කර ඒවා ශ‍්‍රී ලංකාවට ගෙන්වීම පිළිබඳ තීණයකට එළැඹීමට අපේක්ෂා කරන බව ද කියා සිටියා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More