කුමන තත්ත්වයක් යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ පවසයි.
වෙළඳපොල තුළ මේ වනවිට මතුව ඇති කිරිපිට හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.
ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
එහිදී “දැනට බරපතල චෝදනා ඇවිල්ලා තියෙනවා මේ කිරිපිටිවල තියෙන සැබෑ කිරි ප්‍රෝටීන එළියට අරගෙන මෙලමයින් සහ DCD ඇතුල් කරනවා කියලා. ඒ වගේම මේ කිරිපිටිවල තියෙන මේද කොටස් එළියට අරගෙන ෆාම් ඔයිල් සහ ඌරු තෙල් වගේ මේද ඇතුල් කරනවා කියලත් චෝදනාවක් ආවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සඳහා අවශ්‍යයි කියලා මම කියනවා.” යනුවෙන් ද සඳහන් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...