ව්‍යාපාරික පුවත්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මහජන බැංකුවේ සභාපති ලෙස පත්කර තිබේ.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස් අනුව 2017 වසරේදී නිශ්ශංක නානායක්කාර මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස පත්කෙරුණි.

පසුගිය ඔක්තෝම්බර් 26 දේශපාලන පෙරළියෙන් පසු යළි එක්සත් ජතික පෙරමුණ බලය පිහිටුවුවද අමාත්‍යාංශය විෂය පථයන් නම් කිරීමේ සිට එම ආයතනයන්ට සභාපතිවරු ඇතුළු ප්‍රධානීන් පත්කිරීමේ ප්‍රමාදයක් තිබුණි.

ඒ අනුව පසුගිය සතියේදී මහජන බැංකුවට සහ ලංකා බැංකුවට වැඩ බලන සභාපතිවරු පත්කළේය.

ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාභාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ නියෝජය ලේකම් ඒ.ආර්. දේශප්‍රිය මහතා පත් කෙරුණු අතර මහාභාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු මහතා මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More