දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය යටතේ තිබෙන ජාතික ආර්ථිකය හැසිරවීමේ වගකීම ජනාධිපතිතුමාගේ යටතට ගැනීමට පෙර කෘෂිකර්ම අමාත්‍යංශයෙන් නිසියාකාරව ගොවිජනතාවට පොහොර ලබාදෙනවාද කියා සොයා බැලීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම වැදගත් වන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.
පසුගිය වසර දෙකක කාලය තුළ මේ රටේ ජාතික ආර්ථිකය නියමාකාරයෙන් හසුරවා තිබෙන බවත් අය වැය පරතරය අඩුවී රටේ ආර්ථිකය ශකතිමත් වී රට ඉදිරියට ගමන් කරමින් සිටින බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
රටේ ආර්ථිකය නිසි මගට ගැනීමට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටියදී එහි වාසි පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගෙන එහි අවාසි පමණක් එක්සත් ජාතික පක්ෂයට බැර කිරීම අසාධාරණ බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මෙවැනි දේවල් වලින් එක්සත් ජාතික පක්ෂය වැට්ටීමට කිසිදු ආකාරයකින් නොහැකි බවත් එක්සත් ජාතික පක්ෂය යටතේ පවතින දේවල් ලබාගත යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට නොවන බව පෙන්වා දෙන චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කරන්නේ යහපාලන ආණ්ඩුව රටේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කළ යුතු බවයි.
මේ රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට එක්සත් ජාතික පක්ෂය සුවිශේෂි වැඩකොටසක් සිදුකළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාගේ යටතේ වර්තමානයෙදී කෘෂිකර්ම අමාත්‍යංශයෙන් කිසිදු සේවාවක් ඉටු නොවන බවට ප්‍රබල චෝදනාවක් එල්ලවන බවද චමින්ද විජේසිරි මහතා පෙන්වා දෙයි.
එම නිසා කෘෂිකර්ම අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට ලබාදුනහොත් ගැටළු වලට විසඳුම් ලබාදෙමින් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට විශාල සේවාවක් සිදුකර පෙන්වන බවද වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More