දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ යාපනයේ කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සටහනට ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සිදුවන ලෙස වැඩ සටහන සකස් කොට තිබීම පිළිබදව කෝපායී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යාපනයේ නිලධාරීන්ගෙන් අප්‍රසාදය පල වී තිබේ.

ජාතික ගීය අවස්ථා දෙකකදී ගායනා කිරීමට සලස්වා ඇත්තේ ජාතික ගීය දෙමළෙන් හා සිංහලෙන් ගායනා කිරීමට අවස්ථා දෙකක් වෙන් කොට තිබීම නිසාය.

වැඩ සටහනට අනුව දෙමළ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 09-45 ද සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමට පෙරවරු 10-12 ද වෙන් කොට තිබුණි.

නමුත් මෙතෙක් උතුරේදී ජාතික ගීය ගායනය සිංහල හා දෙමළ භාෂාවෙන් සිදු වූයේ එක් අවස්ථාවකදී එකවරය.

දෙමළ බසින් ගායනා කරන ගීය අපේ ජාතික ගීයේ තනුවට පමණක් සමාන වුවත් එහි ඇතැම් වචන ගැලපීමක් නොමැත. කෙසේනමුත් දෙමල බසින් ජාතික ගීයක් පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිම තැනක් සඳහනක් නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More