රැකියා විරහිත උපාධිධාරීන් (13) කොළඹදී පැවැති විරෝධතාව විසුරුවා හැරීමට ආණ්ඩුව එල්ල කළ ප්‍රහාරය හෙළා දකින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
රැකියා විරහිත උපාධිධාරීන්ගේ ඉල්ලීම්වලට
සාධාරණ විසඳුමක් ලබා දිය යුතුය
රටේ ප්‍රශ්න විසඳිමට හැකියාවක් නොමැති මෙම ආණ්ඩුව අද තවත් මර්ධනකාරී මෙහෙයුමක් දියත් කළේය. ඒ රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් රැසක් තම ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා කොළඹ කොටුවට රැස්වු අවස්ථාවේදී ඔවුන්ට පොලිසිය ලවා ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට බලය යොදා පලවා හැරීමයි.
රටේ සාමාන්‍ය ජනතාවට පවා ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති වකවානුවක නිදහස් අධ්‍යාපනය ලබා උගතුන් ලෙස විශ්වවිද්‍යාලවලින් පිටවූ තරුණ තරුණියන් තම උගත්කමින් රටට සේවයක් කිරීමට සහ ජීවත් වීම සඳහා රැකියාවක් ඉල්ලීම සාධාරණය. එසේම, ඔවුන්ට රැකියා ලබා දීම රජයේ පරම යුතුකමකි. මේ සම්බන්ධයෙන් නොපමාව සොයා බලා මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා ලෙස පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදාල විෂයභාර ඇමතිවරයා වෙත මවිසින් දැන්වීමක් කළද, මේදක්වා කිසිම පියවරක් ගත් බවක් පෙනෙන්ට නැත.
රැකියා ලබා දීම වෙනුවට ඔවුන්ගේ අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණය කරන අවස්ථාවකදී ඔවුන්ට පහර දීම, අඩම්තේට්ටම් කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් මෙම තරුණ තරුණියන්ගේ සාමකාමී උද්ඝෝෂණයට ප්‍රතිචාර දැක්වු ආකාරය තරයේ හෙළා දකිමු.
රැකියා විරහිත උපාධිධාරි සංගමයේ වගකිය යුතු නිලධාරින් සමඟ රජය වහාම සාකච්ඡා කොට ඔවුන් වෙත සාධාරණය ඉටු කිරීමට පියවර ගන්නා මෙන් රජයට දන්වා සිටීමට කැමැත්තෙමු.
මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
විපක්ෂ නායක
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...