දේශීය පුවත්

ඩුබායි සාදයේදී අත්අඩංගුවට පත් 31 දෙනා අතරින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා හැර මාකඳුරේ මධුෂ් ඇතුළු ඉතිරි 29 දෙනා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකාවෙන් ඩුබායිවලට කිසිවෙකු පැමිණ නැතැයි වාර්තා වේ.

ඩුබායි රාජ්‍යයේ නීතියට අනුව මිනීමැරුම් වැනි වැරදි සඳහා අත්අංගුවට පත් අයෙකු බැලීම සඳහා සතියකට දින තුනක් පොලීසියට පැමිණීමට අවස්ථාව ලැබුණද, මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකු හමුවීමට අවස්ථාව ලබාදෙනුයේ ඉරිදා පෙරවරු කාලයේ පමණක් බවද වාර්තා වේ.

අත්අඩංගුවට පත් අයෙකු හමුවීමට යැයි පවසා යම් අයෙකු පැමිණ සිටියහොත් ඒ සම්බන්ධව පොලිස් නිලධාරීන් විසින් අදාළ සැකකරුගෙන් විමසීමක් කර අනන්‍යතාව තහවුරු කරගන්නා අතර, පැමිණ සිටින පුද්ගලයා තමන් නොදන්නා අයෙකු යැයි එම සැකකරු ප්‍රකාශ කළහොත් පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි.

අමල් හා නදීමාල් හමුවීමේදී නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාටද මෙම ක්‍රමය භාවිත වී තිබෙන අතර, පොලීසිය අමල් හා නදීමාල්ගෙන් විමසීම් කළ විට තමන් හඳුනන අයෙකු බව ඔවුන් පවසා තිබේ.

සාදයේ සිට අත්අඩංගුවට පත් මාකඳුරේ මධුෂ් ඇතුළු 31 දෙනා තවදුරටත් රඳවාගෙන විමර්ශන කරගෙන යන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් සම්බන්ධව මේ දක්වා ඩුබායි පොලීසිය තීරණයක් ගෙන නැතැයිද වාර්තා වේ.

ඩුබායි රාජ්‍යයේ තරු 05න් ඉහළ හෝටල් නොමැති බවත්, ආන්දෝලනයට ලක්වූ උපන්දින සාදය පවත්වා තිබුණේ තරු පන්තියේ හෝටලයක නොව මාකඳුරේ මධුෂ්ට අයත් නිවසක බවත් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වු නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් අයෙකු ඕනෑම කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ඩුබායි පොලීසියට බලය තිබෙන බවත්, ශ්‍රී ලංකාවේ මෙන් යම් අපරාධකරුවෙකුට සහනයක් ලබාගැනීම සඳහා දේශපාලනඥයන්ට හෝ වෙනත් කිසිවෙකුට පොලීසිය වෙත බලපෑම් කිරීමට නොහැකි බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More