වතු කම්කරුවන් සඳහා රජයෙන් දිනකට රුපියල් 50ක දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
ඒ මහතා පැවසුවේ ඉදිරි අයවැයෙන් මේ සඳහා මුදල් වෙන්කෙරෙන බවත් වසරක කාලයක් සඳහා පමණක් මෙම දීමනාව ලබාදෙන බවත්ය.
එසේම මේ සඳහා රුපියල් බිලියන 1.20ක මුදලක් වැය වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මේ සඳහා තේ මණ්ඩලයේ මුදල් ණයක් ලෙස රජයට ලබාදීමට ප්‍රතිපත්තිමය එකඟතාවකට පැමිණි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගියදා වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර ඇතිකර ගත් ගිවිසුම අනුව වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 700 දක්වා ඉහළ නැංවුණු අතර දීමනාත් සමඟ එය රුපියල් 750ක් කෙරිණි. ඒ අනුව රජයෙන් ලබාදෙන නව දීමනාවත් සමඟ ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 800 දක්වා ඉහළ යන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේවෙතත් දෛනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස ඉල්ලා වතුකම්කරුවන් ගෙනයන අරගලය තවමත් විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...