ගුරුකන්ද රජමහවිහාරයට අයත් කෝකිලායි – මුලතිවු මාර්ගය දෙපස ඇති සියලු පුරාවස්තු , බෞද්ධ සිද්ධස්ථාන බව පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල පසුගිය (12) මුලතිවු මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේදි පිළි ගනු ලැබීය.
අගතියට පත් විහාරාධිපති කොළඹ මේධානන්ද හිමි වෙනුවෙන් නීතිඥ රෝහණ තල්පාවිල මහතා පෙනි සිටියේය.
මීට පෙර රනිල් වික්‍රමසිංහ මහතාගේ බලපෑම මත පුරාවිද්‍යා කොමසාරිස් වරයා විසින් ගුරුකන්ද රජ මහා විහාරයට අයත් භූමිය පුරා විද්‍යාත්මක භූමියක් නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කිරිමේ බරපතල වෑයමක් පැවතිණි. එවැනි වාර්තාවක් ඉදිරිපත් වන බව සැලවු වහාම හෙළ ජන බලය, ගුරුකන්ද රජමහා විහාර දායක සභාව ඇතුලු විශාල පිරිසක් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ සිට මුලතිවු දිස්ත්‍රික්කයේ සහකාර පුරා විද්‍යා කොමසාරිස්වරු සහ භික්ෂුන් වහන්සේලා දැනුවත් කරමින් එය නිවැරදි කිරිමට මහත් වෙහෙසක් ගත් හ.
අධිකරණයට ඉදිරිපත් වු ලේඛණයක් අනුව දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර කිසිදු බෞද්ධ විහාරස්ථානයක් ඉදිනොකරන බවට යහපාලන රජය විසින් පොරොන්දුවක් දී ඇති බව වාර්තාවේ.
ප්‍රශ්නගත ගුරු කන්ද විහාරස්ථානය දැන් පුරා විද්‍යාත්මක භුමියක් බවට තහවුරු වී ඇති හෙයින් එම භූමියේ අනවසර කැණිම් කිරිම හා එම පුරාවිද්‍යා ස්ථානය පිළිබඳව බැඳිම් සහගත පුද්ගලයන්ට ඇති වු මානසික පීඩාවන් සම්භන්ධයෙන් ද්‍රව්ඩ ජාතික සන්ධානයේ කේ. රවිහරන් ඇතුලු මන්ත්‍රිවරුන්ට මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා දඩුවම් කළ හැකිය. පිදුරංගල හා කිරලාගල තරුණයන්ට එරෙහිව ක්‍රියාත්මක වු පුරාවිද්‍යා නීතිය ද්‍රවිඩ සන්ධානයේ අන්තවාදි සංස්කෘතික ඝාතකයන්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි අප අවධානයෙන් බලා සිටිමු.
මීට අමතරව, මෙම පුරාවිද්‍යා සංහාරයට එරෙහිව බෞද්ධ හිමිකම් කේන්ද්‍රයේ සභාපති පුජ්‍ය අහුන්ගුල්ලේ ජීනානන්ද හිමි විසින් රවිහරන් ඇතුළු පිරිසට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පණත යටතේ නඩු පවරන ලෙස පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර ඇත.
පසුගියදා ගම්පහ පැවති ජාතික සමතා බලවේගයේ දිස්ත්‍රික් සමුළුවට එක්වෙමින් ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිසර හිමිපාණන් විසින්ද පුරාවිද්‍යා කොමසාරිස් පි. මණ්ඩාවල මහතා පසුගිය දිනවල අනුගමනය කළ නිහඩ පිළිවෙත දෝෂ දර්ශනයට ලක් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...