විදේශ පුවත්

වෙනිසියුලාවේ රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ සමාගම ඉන්දියාවට කරන ඉන්ධන අපනයන දෙගුණ කිරීමට තීරණය කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය එම සමාගමට සම්බාධක පැනවීමත් ඇමෙරිකාව සහ යුරෝපයේ රටවල් එම සමාගමෙන් තෙල් ආනයනය කිරීම අඩු කිරීමට තීරණය කිරීමත් නිසා අදාළ තීරණය ගෙන තිබේ.

වෙනිසියුලාවේ ඇති වී තිබෙන වත්මන් දේශපාලන අර්බුදය නිසා එරට බොරතෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.15ක් දක්වා පහත වැටී ඇති අතර පිරිපහදු කරන තෙල් අපනයනය බැරල් මිලියන 1.4ක් දක්වා පහත වැටී ඇතැයි වාර්තා වේ.

වෙනිසියුලාවේ විපක්ෂ යුවාන් ගුවයිඩෝ පසුගිය ජනවාරි මාසයේදී තමන් රටේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කළේය. වෙනිසියුලාව තුළ වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ ඉන් පසුවය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රැසක් යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස පිළිගෙන ඇති නමුත් චීනය සහ රුසියාව ජනාධිපති නිකොලස් මදුරෝට සහාය පළ කරයි.

මදුරෝට ජනාධිපති ධුරයෙන් ඉවත් වන්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් දැඩි පීඩනයක් එල්ල වී තිබේ. එහෙත් තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් ඇමෙරිකාවේ කුමන්ත්‍රණවලට ඉඩ නොදෙන බවත් මදුරෝ ප්‍රකාශ කළේය. ඒ තත්ත්වය සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාවට සම්බාධක පැනවූ අතර එරට රාජ්‍ය තෙල් සමාගම වන පී.ඩී.වී.එස්.ඒ සමාගම ද එම සම්බාධකවලට යටත් විය. එම නිසා එම සමාගමේ තෙල් අපනයන පහත වැටී ඇත.

ඊට ප්‍රතිචාර ලෙස තෙල් සඳහා මුදලින් ගෙවීම් කරන පාර්ශව සමඟ ගනුදෙනු කිරීමට වෙනිසියුලාවේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම ඉන්දියාව කෙරෙහි වෙනිසියුලාවේ අවධානය යොමු වී තිබෙන අතර ඇමෙරිකා එක්සත් ජනපදයට පසු වෙනිසියුලාවේ දෙවැනි විශාලතම ගනුදෙනුකරුවා වනුයේ ඉන්දියාවයි.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More