මෙරට ප්‍රජාතන්ත්‍රවාදය මේ තරම් වළදැමූ ආණ්ඩුවක් හෝ අගමැතිවරයෙක් මීට පෙර බිහි වී නැතැයි ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික නීතිඥ කල්‍යානන්ද තිරාණගම පැවැසුවේය.
වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙන යමින් ඊළඟට උත්සාහ කරන්නේ මැතිවරණ දූෂණ සිදුකරමින් බලහත්කාරයෙන් ආණ්ඩුවක් පිහිටුවා 2030 දක්වා පැල්බැඳගෙන මෙරට පාලනය කිරීමට බවද ඔහු සඳහන් කළේය.
ජාතික සංවිධාන එකමුතුව ඊයේ (12දා) එම කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකටඑක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කල්‍යානන්ද තිරාණගම,
අගමැතිවරයා කියනවා ඔහු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා. මේ ආණ්ඩුව තරම් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළදාපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කවදාවත් ඉඳලා නැහැ.
මොවුන් මාධ්‍ය නිදහස ගැන කතා කරනවා. නමුත් නිරන්තරවම මාධ්‍යයට බනිනවා.මාධ්‍යයට තර්ජනය කරනවා. බාධා කරනවා. අද පත්තර අච්චු ගහන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. පත්තර කීපයක් මේ වෙනකොට වැහිලා ගිහිල්ලා. ඒකට හේතුව තමයි පත්තර මුද්‍රණය කරන කඩදාසිවලට අධික බද්දක් මේ ආණ්ඩුව අය කරනවා. පත්තර නඩත්තු කරන්න පුළුවන් කමක් නැහැ.
ඒ වගේම ආණ්ඩුවට පක්‍ෂව පුවත් පළ නොකරන ජනමාධ්‍යවලට දැන්වීම් දීම වළක්වලා කියලා දැනගන්න ලැබුණා. මාධ්‍යවේදීන්ව මරන්න ඕනි නැහැ. මේ දේවල් කළාම ඔක්කෝම ඉවර වෙනවා.
ඒ වගේම ඡන්ද පැවැත්වීම දිගින් දිගටම කල් දානවා. අද ජනාධිපතිවරයාට මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැ. ඒ වගේම ඇමැති ධුර වැඩිකර ගැනීමට දැන් සූදානම් වෙනවා. ජනතාව තේරුම් ගත යුතුයි මොවුන්ගේ ක්‍රියාකලාපය.
මොවුන් සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් ගෙනියන්නේ. මොවුන්ගේ ඊළඟ උත්සාහය තමයි මැතිවරණ දූෂණ කරලා බලහත්කාරයෙන් ඊළඟ ආණ්ඩුවක් අරගෙන 2030 වෙනකම් ඉන්න. ජනතාව මෙය තේරුම් ගත යුතුයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...