සාම්ප්‍රදායික දේශපාලනඥයන් වගේ කුඩුකාරයන් හදන්නවත් පාතාලය හදන්නවත් මිනීමරුවන් හදන්නවත් මට ඕන නැහැ. මට පුළුවන් වුණොත් මනුස්සකම පිරුණු මිනිස්සු ටිකක් හදන්න හදවතින්ම මම උත්සාහ ගන්නවා. මධුෂ් වගේම මගේ යාළුවන්ගේ හැම ගෙදරකටම මම යනවා. මේ හැම දෙනාම මගේ යාළුවන්. මම මධුෂ් ඉස්කෝලේ ගියේ මට වඩා අවුරුදු හතරකට කලින්. මට මධුෂ් ගමන් දෙකකදී තමයි හමු වුණේ. එකවාරයකදී ඉස්කෝලේදී දැක්කා. පස්සේ 2007 අවුරුද්දේ දී කඹුරුපිටියේ දී දැක්කා. ඒ අවස්ථා දෙකේදී හැර මගේ ජීවිතයේ කිසිදාක ඔහු හමුවෙලා නැහැ. හමුවෙන්න වුවමනාවක් ඇති වෙලත් නැහැ. ආසාවක් තිබිලත් නැහැ. වැඩක් තිබිලත් නැහැ යැයි මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා පැවැසීය.
මන්ත්‍රිවරයා මේ අදහස් පැවැසුවේ මාතර, මාකඳුරේ පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන්් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.
මම බැංකුවෙන් ණය ගත්තේ කෝටි තුනයි. නමුත් ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් කියන්නේ කෝටි අටක් ගැන. හැබැයි කෝටි අටක ලෝන් එකක් ගැන මම කීවේ නැහැ. මේවා සියල්ල කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. මේ ගෙනයන්නේ මඩ ව්‍යාපාරයක්.
අපි හිතනවා රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබුණේ නැහැ කියලා.
මධුෂ්ලා අත්අඩංගුවට ගත්තු එක බෙදාගන්න ඕනවට වඩා කට්ටිය ඉන්නවා. මම කියන්නේ මේ ආකාරයෙන් රාජ්‍යතාන්ත්‍රික පාස්පෝට් හදලා නැහැ කියන එක තමයි. අපිට කියන්න වෙන්නේ. බලමු අපි මෙය හැරිය දිග් ගැස්සෙනවා නම් හරි තැන්වල වදීවි කියලා මට හිතෙනවා.
කලාකාරයෝ කිහිප දෙනෙක් මේ සිද්ධියට හසුවෙලා තියෙන්නේ. නමුත් මේ සම්බන්ධ වීම ගැන මම කිසි දෙයක් දන්නේ නැහැ. රහස් පොලිසිය ආධාරයෙන් මේ තිබුණු සම්බන්ධය කුමක්ද යන්න සම්බන්ධයෙන් නිවැරැදි තීරණය ලැබේවි කියලා අපිට හිතන්න පුළුවන්. මධුෂ් එක්ක සම්බන්ධ වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විවිධ කතා තිබුණා. කියමනක් තියෙනවා පහත් තැනින් යයි ගලා ජලේ කියලා. මොකද ඒක ලේසියි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...