ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව පෙබරවාරි 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වේ.
මෙම යෝජනාව පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පැවතිය ද අවසන් මොහොතේ එය කල්දමනු ලැබිණි.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ කැබිනට් අමාත්‍යධුර සංඛ්‍යාව 30කට සීමා කර ඇති අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් පමණක් එය 48ක් දක්වා වැඩිකර ගැනීමේ හැකියාව පවතී. ඒ අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නංවා ගැනීමේ අරමුණින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් විපක්ෂයේ සියලුම පක්ෂවලින් මීට විරෝධය පළව ඇති අතර එක්සත් ජාතික පෙරමුණේ ම පසුපෙළ මන්ත්‍රීවරුන් ද මීට සිය විරෝධය ප්‍රකාශ කර තිබිණි.
එහෙයින් මෙවන් දැඩි විරෝධයක් මධ්‍යයේ මෙම යෝජනාව එදිනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණහොත් පාර්ලිමේන්තුව තුළ නැවතත් දැඩි කලබැගෑනියක් ඇතිවනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...