Uncategorized

එක්ව සිතන්න, එක්ව හැදෙන්න, තේමාව යටතේ 71 වැනි ජාතික දින සැමරුමට සමගාමී ව දියත් කෙරුණු #එකටසිටිමු, ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උලෙළ සහ සංස්කෘතික ප‍්‍රසංගය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12දා) පස්වරුවේ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට දී විචිත‍්‍රවත් අයුරින් පැවැත්විණි.

මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යාමට නම් සියලු භේද අත හැර එක්ව කි‍්‍රයාකළ යුතු බව තරයේ විශ්වාස කරමින්, රට වෙනුවෙන් , #එකටසිටිමු, කි‍්‍රයාන්විතය බල ගන්වා තිබෙන අතර ඉදිරියේ දී සියලු දේශමාමක බලවේග එකට එක් කර ගනිමින් රටේ උන්නතිය උදෙසාම කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි.

අලංකාරවත් සංස්කෘතික දැක්මකින් මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් වූ අතර, යුද හමුදා තුර්ය වාදන, ආබාධිත රණවිරු දස්කම් ඇතුළු විවිධ සංස්කෘතික අංග රැසක් ඊට එක් කර තිබුණි.

එකට එක්ව යන ගමනට සියලූ ශ‍්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව එක්වන බව සපථ කරමින් , එකටසිටිමු සංදේශය මෙහිදී රටට කීර්තියක් අත්කර දුන් ප‍්‍රවීන මෝටර් රථ ධාවන ශූරි ඩිලන්ත මාලගමුව මහතා ඇතුළු පිරිස විසින් ජනාධිප වෙත පිළිගැන්වීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More