දේශීය පුවත්

එජාප ආණ්ඩුවට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම පසුගිය කාලයේ ගෙන ගිය ක්‍රියාමාර්ග අසාර්ථක වූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් එවකට ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටි පිරිස් නොපිළිගත් නිසා යැයි යමෙක් පවසනවා නම් ඒ පිළිබඳව ඔහු දෙවරක් සිතා බැලිය යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි.

මේ පිළිබඳව සමාජ ජාල මාධ්‍යවල බැසිල් රාජපක්ෂ මහතාගේ වන්දිභට්ටයන් විවිධ කතා පතුරුවා හරින බවත් එසේ නම් ඔක්තෝබර් 26 විප්ලවය, රනිල් වික්‍රමසිංහට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය හා ඉන්පසුව සම්මුති ආණ්ඩුවෙන් ඉවත්ව මන්ත්‍රිවරු 16 දෙනෙක් මහින්ද රාජපක්ෂ මහතා සමඟ එකතු වීම වැනි ක්‍රියාමාර්ගයන් වැරැදි සහගත ඒවාද යනුවෙන් එම වන්දිභට්ටයන්ගෙන් විමසා සිටින බවද නානායක්කාර මහතා පැවැසුවේය. මේ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

රනිල්ට විරුද්ධව අපි ගෙනගිය සාර්ථක ක්‍රියාමාර්ගයන් අවලංගු වුණේ නඩු තීන්දු දෙකක් නිසයි. කථානායක එජාප කථානායකවරයෙක් විදියට ක්‍රියා කළ නිසාත් මේ දේවල් අසාර්ථක වුණා. ඒ නිසයි පාර්ලිමේන්තුවේ අවුල් සහගත තත්ත්වයක් ඇති වුණේ. මේවාට පරීක්ෂණ කරනවා නම් කථානායකවරයාත් විත්තිකරුවෙක්.

බැසිල් රාජපක්ෂට වන්දිභට්ටකම් කරන අය එක එක දේවල් මේවාට කියනවා. ඒකට මම කැමැති නෑ. මම බැසිල් රාජපක්ෂට නෙවෙයි මේ ‍ෙදාස් කියන්නේ එතුමාගේ වන්දිභට්ටයන්ටයි.

මහින්දගේ වැරදි වැඩ ලැයිස්තුව මෙන්න

මහින්දගේ වැරදි වැඩ ලැයිස්තුව මෙන්නපා.ම වාසුදේව නානායක්කාරමේ ගැන සංවාදයක් ගොඩනගමු!විඩියෝ එක Shares කරන්න " lanka lead " pege එකට Like කරන්න

Gepostet von Lanka Lead News am Montag, 11. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More