දේශීය පුවත්

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක් සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.

මන්ත්‍රී චමින්ද විජේසිරි පොලීසියට භාර වෙයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියාට පහරදුන් බවට චෝදනා එල්ලව ඇති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල පොලිසියට පැමිණ භාර වී ඇති බව වාර්තා වේ.

සිද්ධිය සිදු වන අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ ආරක්ෂක පොලිස් නිලධාරියා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ රථයේ යතුර ද පැහැරගෙන පසුව ලබාදී ඇති බව අප වාර්තාකරු සදහන් කළේය.

මෙම සිද්ධිය ඇති වුයේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාහන එකිනෙක පසු කිරීමේදී ඇතිවූ බහින්බස් විමක් දුරදිග යාමෙනි.

සිද්ධියෙන් පසු දෙපාර්ශ්වයේම රියදුරන් රෝහල් ගත වූ අතර ඉන් මන්ත්‍රීවරයාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

චමින්ද විජේසිරි සොයා පොලිසිය උෟව පීරයි

බණ්ඩාරවෙල නගරයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ චෝදනාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.

ඔහුගේ නිවෙස සහ කාර්යාලය බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මඟින් ඊයේ (12දා) සෝදිසි කර ඇති නමුත් ඔහු නොසිටි බවද පොලිසිය පවසයි.

සැකකාර මන්ත්‍රිවරයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පොලිසිය කියයි.

බණ්ඩාරවෙල පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම විමර්ශන කටයුතු සිදු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More