තම පුත්‍ර පසද යාපා අබේවර්ධනගේ විවාහ මංගල්‍ය සඳහා “මාකඳුරේ මධුෂ්” සහභාගි වූ බවට රාජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා ප්‍රසිද්ධ නාළිකාවක වැඩසටහනකට පැමිණ සිදු කළ ප්‍රකාශ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියයි.
“මාකඳුරේ මධුෂ්” නමැත්තා එම විවාහ මංගල්‍යයට සහභාගි වූ බව වහාම පොලිස් පරීක්‍ෂණයක් සිදුකර ඔප්පු කරන්නැයි තමන් අභියෝග කරන බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.
මීට සති තුනකට පමණ පෙර රාජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා මාධ්‍ය නාළිකාවක මධුෂ් නමැත්තා විවාහ මංගල්‍යයට සහභාගි නොවුණු බවත් සහභාගි වීමට උත්සාහ කර තිබෙන නමුත් රටේ පනවා තිබූ ආරක්‍ෂක විධි විධාන හේතුවෙන් ඔහුට ඒ සඳහා සහභාගි වීමට නොලැබුණු බව ප්‍රකාශ කර තිබුණු බවත් සත්‍ය තොරතුරු කිසිවක් නොමැතිව දේශපාලන වශයෙන් පුද්ගලයන්ගේ චරිත ඝාතනය කිරීම බරපතළ වරදක් බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය. එමෙන්ම විවාහ මංගල උත්සවයෙන් අනතුරුව මධුෂ් නමැත්තාව ඩිෆෙන්ඩර් රථ පෙළකින් නැවත ගුවන්තොටුපොළ වෙත රැගෙන ගිය බවට සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවත්, අවශ්‍ය නම් ගුවන්තොටුපොළේ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්‍ෂා කර එවැනි පුද්ගලයකු පැමිණියේ දැයි සොයා බැලිය හැකි බව ද ඔහු අවධාරණය කරයි.
ඔහු පවසා සිටින්නේ තමාට හෝ තමාගේ පුත්‍රයාට මාකඳුරේ මධුෂ් සමඟ කිසිදු සම්බන්ධතාවක් නැති බවයි.
මාධ්‍යට පැමිණ නිවැරැදි දේ ප්‍රකාශ කරන ලෙස තමන් ඉල්ලා සිටින බවත් අසත්‍ය තොරතුරු යොදා ගනිමින් දේශපාලන මඩ ව්‍යාපාර ගෙන යන්නේ දේශපාලන පළපුරුද්දක් නැති අඥානයන් බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...