විදේශ පුවත්

ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට වෙනිසියුලාවට පැමිණීමට අවසර දෙන්නැයි ඉල්ලමින් එරට විපක්ෂයේ ආධාරකරුවන් අද (12) වීදිවලට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙනිසියුලාවේ විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව තමන් එරට අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කර සති තුනකට පසු එම රැළි පැවැත්වීමට නියමිතය.

වෙනිසියුලාවේ ජනාධිපති නිකලොස් මදුරෝ පසුගිය වසරේ දී ජනාධිපති ධුරයට නැවැත තේරී පත්වීම වංචාවක් යැයි චෝදනා කරමින් විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝ ජනවාරි මාසයේදී තමන් වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා යැයි ප්‍රකාශ කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් රැසක් යුවාන් ගුවයිඩෝ වෙනිසියුලාවේ ජනාධිපතිවරයා ලෙස පිළිගෙන ඇති නමුත් රුසියාව සහ චීනය ඊට විරෝධය පළ කර ඇත. මදුරෝට රුසියාවේ සහ චීනයේ සහාය හිමිවන අතර වෙනිසියුලාවේ ආරක්ෂක අංශ සහාය දක්වන්නේ ද ජනාධිපති නිකොලස් මදුරෝටය.

විපක්ෂ නායක යුවාන් ගුවයිඩෝගේ ඉල්ලීම පරිදි වෙනිසියුලාවට ආධාර එවීමට බටහිර රටවල් එකඟත්වය පළ කළ අතර ඒ ප්‍රවාහන පහසුකම් සපයන බව ඇමෙරිකා එක්සත් ජනපදය නිවේදනය කළේය.

කෙසේ නමුත් වෙනිසියුලාවේ කිසිදු අර්බුදයක් නැතැයි ද ඇමෙරිකාව රටට හමුදාව එවීමට සූදානම් වන බව ද මදුරෝ කීවේය. අසල්වැසි රටවලින් වෙනිසියුලාවට ඇතුළු විය හැකි සියලු ස්ථාන අවහිර කිරීමට මදුරෝ පියවර ගත්තේය. ඒ අනුව ආධාර රැගත් ට්‍රක් රථ අසල්වැසි කොලොම්බියාවේ රැඳී සිටින බව ද වාර්තා වේ.

“අපි වීදිවලට පැමිණෙනවා. මානුෂීය ආධාරවලට රට තුළට පැමිණීමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් අපි වීදිවලට පැමිණෙනවා. වෙනිසියුලා ජාතිකයන් 300,000කගේ ජීවිත ආරක්ෂා කළ හැකි මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට රටට පැමිණීමට නොහැකි වී තිබෙනවා” යැයි යුවාන් ගුවයිඩෝ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More