විදේශ පුවත්

ඇමෙරිකා එක්සත් ජනපද රජය නැවත වරක් අකර්මණ්‍ය වීම වැළැක්වීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක් ඇති කර ගෙන තිබේ.

එම එකඟතාව අනුව ඇමෙරිකා ජනාධිපතිවරයා ඉල්ලා සිටි පරිදි එක්සත් ජනපදය සහ මෙක්සිකෝවා අතර ඉදි කිරීමට යෝජිත තාප්පයට ඩොලර් බිලියන 5.7 නොලැබෙන බව වාර්තා වේ.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ප්‍රාකාරයක් ඉදි කිරීම සඳහා අයවැයෙන් ඩොලර් බිලියන 5.7ක මුදලක් වෙන් කරන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේදී ඉල්ලා සිටියේය.

එහෙත් එය කළ නොහැක්කක් යැයි ද එලෙස දේශසීමාවේ තාප්පයක් ඉදි කිරීම ආචාර ධාර්මික නොවන්නේ යැයි ද ප්‍රකාශ කරමින් ඩිමොක්‍රටික් පක්ෂය අයවැයෙන් දේශසීමා ප්‍රාකාරයට මුදල් වෙන් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව ඩිමොක්‍රටික්වරුන්ට බලය හිමි ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී අයවැය සම්මත වුවද ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේය.

එම නිසා ඇමෙරිකා එක්සත් ජනපද රජයේ කටයුතු අඩකට වැඩි ප්‍රමාණයක් දින 35කට වැඩි කාලයක් මුළුල්ලේ අකර්මණ්‍ය වූ අතර රාජ්‍ය සේවකයන් 800,000කට වැඩි පිරිසකට මාස දෙකකට ආසන්න කාලයක් වැටුප් නොලබා සේවය කිරීමට සිදුවිය.

එම තත්ත්වය නිසා ඇති වූ අර්බුදය දිග්ගැස්සීම වැළැක්වීමට ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය එකඟතාවක් ඇති කරගත් අතර දේශසීමා ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එකඟතාවක් ඇති කරගන්නා ලදි. එම සාකච්ඡාවලට කාලය ලබාදීමේ අරමුණින් සති තුනක කාලයක් සඳහා මුදල් වෙන් කළ අතර ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට අත්සන් තැබීය. එම සති තුන පෙබරවාරි 15 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

ඒ අනුව නැවත වරක් රජයේ කටයුතු අකර්මන්‍ය වීම වැළැක්වීම සඳහා පක්ෂ දෙක අතර එකඟතාවක් ඇති කරගෙන තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ පොරොන්දුවක් වන දේශසීමා ප්‍රාකාරය ඉදි කිරීම සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.37ක මුදලක් ලැබී තිබේ.

රොයිටර් ඇසුරිනි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More