දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් තවත් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායක ධුරවලින් ළඟදීම ඉවත්කර ඒ වෙනුවට නව ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ නියෝජිතයෙකු ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණයට පෙර කිහිප දෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ආසන සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට නියමිත බවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා නොකිරීම හා වෙනත් කණ්ඩායමක් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය සිදුකිරීම යන කරුණු ඔප්පු වී ඇති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම තීරණය ගැනීමට නියමිත බවද එම නියෝජිතයා පෙන්වා දුන්නාය.
පසුගිය දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රක්වාන ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ඉවත්කර තිබෙන්නේද මේ ආකාරයෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ආසන සංවිධායකවරුන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ බලය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පැවරීමට පසුගියදා රැස්වූ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More