ජිනීවා මානව හිමිකම් සැසිවාරය සඳහාශ්‍රීලංකාව සම්බන්ධයෙන් ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කරන බව එංගලන්තය සඳහන් කරයි.
ශ්‍රීලංකාවේ වගවීම, ප්‍රතිසන්ධානය හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකා යටතේ ඔවුන් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා එංගලන්තය සමග කැනඩාව, ජර්මනිය, මැසඩෝනියාව හා මොන්ටිනෙග්‍රෝ යන රටවල් අනුග්‍රහය දැක්වීමට නියමිතය.
අදාළ රටවල්මීට පෙර 2015 වසරේදී ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ අතර, එයට ශ්‍රී ලංකාව සමඅනුග්‍රහය දැක්වීය.
ශ්‍රීලංකාව සම්බන්ධයෙන් පවතින 30/1 යෝජනාවලියේ සඳහන් කරුණු තවදුරටත් අඛණ්ඩව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය. නව ඒකාබද්ධ යෝජනාවලිය සඳහාද මානව හිමිකම් කොමිසමෙන් සහායලැබෙනු ඇතැයි එංගලන්තය නව යෝජනාවලිය පිළිබඳ සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමසඳහන් කරයි.
ශ්‍රී ලංකාවට අමතරව දකුණු සුඩානය හා සිරියාව පිළිබඳවද මෙවැනි ඒකාබද්ධ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය පෙබරවාරි 25 වැනිදා සිට මාර්තු 22 වැනිදා දක්වා ජිනීවා නුවරදී පැවැත්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...