එක්සත් ජාතික පෙරමුණ, මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරයා සමඟ එක්ව ජාතික ආණ්ඩුවක් සඳහා වන යෝජනාවක් සම්මත කර ගත්තද තමන් අලුතෙන් කිසිදු කැබිනට් අමාත්‍යවරයකු පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ඔහු මේ බව පැවසුවේ පසුගිය බදාදා සන්ධ්‍යාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය.
තමන් මේ සම්බන්ධයෙන් වන ව්‍යවස්ථානුකූල හා නීතිමය තත්ත්වය ගැන අවශ්‍ය කරන සියලුම නීති උපදෙස් මේ වනවිටත් ලබාගෙන ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.
ජාතික ආණ්ඩුවක හෝ කවර ආණ්ඩුවක වුවද කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම පිළිබඳව ව්‍යවස්ථානුකූලව තනි අභිමතය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බැවින් ඒ ගැන කිසිදු බාහිර පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩක් නැතැයිද හෙතෙම වැඩිදුරටත් කියා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...