යාපනය විශ්ව විද්‍යාලය තුළ කොටි ස්මාරකයක් ඉදි කොට එය ඊයේ (11) විවෘත කොට තිබේ.
මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අවසන් සටනේදී මියගිය කොටි සාමාජිකයින් සිහි කිරීම සදහා යාපනය විශ්ව විද්‍යාලය තුළ මෙම ස්මාරකය ඉදිකිරීමට පසුගිය වසරේදී පිරිසක් උත්සහ කළ අවස්ථාවේදී ඊට යාපනයේ ආරක්ෂක අංශ විරෝධය පල කිරීම නිසා කොටි ස්මාරකයේ ඉදිකිරීම් කටයුතු නතර කොට තිබුණි.
එම ස්මාරකයේ පාදම කොටස ඉදිකොට ඉදිකිරීම් කටයුතු නතර කොට තිබූ අතර එහි ඉහල කොටස වෙනත් ස්ථානයකදී සකසා ඉතාම රහසිගතව රැගෙන විත් පාදම මත තබා කොටි ස්මාරකය විවෘත කොට තිබේ.
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් මෙය ඉදි කොට විවෘත කොට තිබේ.
මේ සදහා කිසිම උත්සවයක් පවත්වා නොමැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...