දේශීය පුවත්

පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායකවරයාගේ අවසරය හිමි වී ඇත.

එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඇමති ආරක්ෂක අංශ පොලිස් නිලධාරියා ද අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඊයේ (11) දිනයේදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා බව බණ්ඩාරවෙල පොලීසියට අධිකරණයට දැනුම් දී ඇත.

මන්ත්‍රීවරයාට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශය මගින් කථානායකවරයා ද දැනුවත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු ඊයේ (11) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ පහරදීමෙන් තුවාල ලැබුයේ බණ්ඩාරවෙල පොලීසියට අනුයුක්ත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි. පහර කෑමෙන් තුවාල ලද කොස්තාපල්වරයා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More