දේශීය පුවත්

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වාර්තාකිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට සභාපතිවරයා විසින් වාරණයක් පැනවීම හේතුවෙන් සභාව පැවැත්වීමට නොහැකිව මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත සභාව පැවැත්වීම ප්‍රමාද විය.

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි සභාපති වරයාත් සමග මන්ත්‍රීවරුන් 18ක්,එක්සත් ජාතික පක්ෂ්‍යට මන්ත්‍රීධූර හයක් ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීධූර තුනක්,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීධූර දෙකක් ලෙස මන්ත්‍රීඹූර 29කින් සමන්විතය.

මෙම සභාවාරය සදහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හැරෙන්නට අනෙකුත් මන්ත්‍රීවරුන් සියලු දෙනා මාසික සභාවාරයට සහභාගී වී සිටින ලදී.

සභාපති එම්.කේ.අමිල් මහතාගෙන් මාධයවේදීන් සභාව වාර්තා කිරීමට අවසර දෙනන ලෙසත් තමන් සදහා මන්ත්‍රීවරුන් විසින් ආරාධනා කර ඇති බවත් පැවසුවද සබාපති වරයා විසින් සභාව ආවරණය කිරීම සදහා මාධ්‍යවේදීන්ට අවසර ලබා නොදෙන ලදී.සභාව ආරම්භවෙද්දී මාධ්‍යවේදීන් සභාවේ එළියට වෙලා ඉන්නට සිදුවිය.

සභාවේ උප සභාපති සුරන්ත වීරසිංහ මහතා ඇතුලු අනෙකුත් මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන්ට පැමිනීමට අවසර ලබා නොදෙන්නේ නම් සභාව පැවැත්වීමට තමන් ඉඩ ලබා නොදී කටයුතු කරන බවත් පැවසීමත් සමග බහුතරයක් මන්ත්‍රීවරුන් මාධ්‍යවේදීන් සභාවට කැදවීම කලයුතු බව සභාපතිවරයාට බල කරන තත්වයට උදා වී ඇත.

පසුව උප සභාපති සුරන්ත වීරසිංහ මහතා සහ වාසනා වික්‍රමගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් පැමිණ මාධ්‍යවේදීන් සභා ගැබට කැදවා ගෙන යන ලදී.මාධ්‍යවේදීන් පැමිනීමත් සමග සභාපති එම් කේ අමිල් මහතා සභාව මද වෙලාවකට කල්තබනවාත් සමග සභාවේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.එහිදී මන්ත්‍රීවරුන් දෙපිරිසක් විසින් තර්ජනය කරගැනීමක්ද අප කැමරාවේ සටහන් විය.මනුත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ පසුගිය සභා වාර්තාව මුලුමනින්ම වැරදි සහගත් බවත්,තමාට උවමනා හැටියට සභා වාර්තාව සකස්කර ඇති බවයි.එය මාධ්‍යට හෙලි වනවාට මාධ්‍ය වාරණයක් සිදු කරන බව උප සබාපති සුරන්ත වීරසිංහ මහතා පැවසීය.

සභාපති වරයා විසින් පොලීසිය කැදවීම මේ අතරවාරයේදී සිදුවූ අතර පොලිස් නිළධාරීන් සභා ගැබටද පැමිනෙන ආකාරය දක්නට විය.මන්ත්‍රීවරුන් විසින් පෙර සභාවාර්තාව නිවැරදිව සකස් නොකරන ලද එකක් බවත් එය වැරදි සහගත එකක් බවත් කියමින් සභා වාර්තාව සභාව මධ්‍යයේ ඉරා දමන ලදී.

පසුව මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ මාධ්‍යවේදීන්ට සභාව ආවරණය කිරීමට අවස්ථාව ලබා දෙන ලදී.සභාපති එම්.කේ.අමිල් මහතා කියා සිටයේ පොලිස් නිළධාරීන් විසින් මාධ්‍යවේදීන්ට සභාව වාර්තා කිරීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට අවසර ලබාදුන් බවයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ සමන්ත විපක්ෂනායක වරයා කියා සිටියේ සභාපති වරයා මේ සභාව හෑල්ලුවට පත් කරන බවයි.මාධයවේදීන්ට හෝ මන්ත්‍රීවරුන්ට මේ සභාවට සහභාගී වීමට පොලිස් නිළධාරීන්ගේ ඕනෑ එපාකම් මත සිදු නොවිය යුතු බවත් එම තීරණ සභාපති වරයා විසින් ගත් යුතු බවයි.

කෙසේ උවද සභාවේ සිටි බහුතරයක් මන්ත්‍රීවරුන් සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි විවේචනය එල්ලකර අතර සභාපතිවරයා අසලට ගොස් සභා වාර්තාව බිමට විසිකරන ලදී.

පසුව සභාපතිවරයා විසින් මෙම සභා වාර්තාවේ අඩුපාඩු පිළිගත් අතර එය නිවැරදි කරන බවට පොරොන්දු විය.

පසුව කිසිදු තීරනයක් නොමැතිව දෛණික වැඩ කටයුතු සිදු නොවුනු අතර තවත් සභාවක් කැදවීමට තීරණය විය.සභාපතිවරයා‍ නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වඩා සභාපති වරයාට විරෝධතාවය එල්ල කරන ලදී.

– ප්‍රගීත් ජනක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More