උපරිමාධිකරණ විනිසුරුවන් සහ රජයේ උසස් නිලධාරීන් පත් කිරීමේ ක්‍රියාවලියේදී ව්‍යවස්ථා සභාව අදූරදර්ශී හා පක්ෂග්‍රාහි ලෙස කටයුතු කරන බව හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ, ජනාධිපතිතුමා හා කථානාකවරයා වෙත යොමු කළ ලිපියකිනි.
ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූවේ, ව්‍යවස්ථා සභාවේ අසාධාරණ හා අයුක්ති සහගත ක්‍රියා කලාපය තුළින් රාජ්‍ය පරිපාලනයට අනර්ථකාරි ප්‍රතිවිපාක අත්කර දෙන බවයි.
ඔහු සිය ලිපියේ අවස්ථා කිහියක් උදාහරණ ලෙස දක්වා තිබීම විශේෂත්වයකි.
රාජපක්ෂ මහතා පැවසූවේ, ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා පසුගිය රජය සමයේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාවීම නිසා සියලු සුදුසුකම් සපුරා තිබියදීත් නීතිපති තනතුරුට පත් නොකළ බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාවීම නිසා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතාට පොලිස්පති ධූරය අහිමි වූ බව ඔහු පවසා ඇත.
සුදු කොඩි නඩුවේදී දුන් තීන්දුව මුල්කර ගනිමින් දීපාලි විජේසුන්දර මහත්මිය අභියාචනාධිකරණ සභාපති ලෙස පත් නොකළ බවත් ලලිත් වීරතුංග මහතාට ඇප ලබාදීමක් මුල් කරගෙන කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අභියාචනාධිකරණයට පත් නොකළ බවත් විජේදාස රාජපක්ෂ මහතාගේ ලිපියේ සඳහන් විය.
ඒ.ඒ.හෙයියන්තුඩුව, මහිලාල් වෛද්‍යතිලක හා අරුණ රණසිංහ යන මහාධිකරණ විනිසුරුවන් අභියාචනාධිකරණයට උසස්වීම් ලැබීමට සියලු සුදුසුකම් සපුරා තිබුන ද ඔවුන්ට එම උසස්වීම් ලබා නොදුන්නේ කිසිදු හේතුවක් පවා නොදක්වමින් බව විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...