දේශීය පුවත්

IOC ත් තෙල් මිල ඉහළ දමයි

February 12, 2019 7:07 am | Lanka Lead News

ඊයේ මධ්‍යම රාත්‍රීයේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ලංකා IOC සමාගමත් ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා ඇත.

කෙසේ වෙතත් ඔක්ටේන් 92 පෙට්‍රල් මිලෙහි වෙනසක් සිදුව නොමැති බව IOC සමාගම නිවේදනය කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දැමූ අතර ඒ අනුව රුපියල් 123.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6.00 කින් ඉහළ දැමී ය.

ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 129.00 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 152.00 ක් වනු ඇත.

රුපියල් 99.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 103.00 ක් දක්වා ඉහළ දමා තිබේ.

සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 126.00 ක් ලෙසයි.

එය රුපියල් 8.00 කින් ඉහළ දැමිණ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්ධන මිල සුත්‍රය හඳුන්වාදීමෙන් පසුව ජාත්‍යන්තර මිලට අනුව සිව්වරක් ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇති අතර 5 වරක් මිල අඩු කිරීමට හැකි වූ බවයි.

පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ ගිය ද බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ද මුදල් අමාත්‍යාංශය අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More