මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පි අමල් පෙරේරා ඇතුළු 18 දෙනකු කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට ඩුබායි පොලිසිය කළ විමර්ශනවලදී හෙළිවී ඇති බව වාර්තා වේ. තවත් 8 දෙනකු ළඟ කොකේන් තිබූ බවද ඩුබායි පොලිසිය පවසයි.
අදාළ විමර්ශන මේ වන විට අවසන් කර ඇති අතර ඩුබායි හි සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී පසුගිය 5 වැනිදා මෙම පිරිස අත්අඩංගුවට ගැනුණි.
අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධූෂ්, ගායන ශිල්පි අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා, රංගන ශිල්පී රයන් වෑන්රෝයන් ඇතුළු 31 දෙනකුගෙන් යුත් සැකකරුවන් පිරිස බර් ඩුබායි පොලිස් සිර මැදිරියේ රඳවා තබා ගෙන ඇති බවද වාර්තා වේ.
මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව ඩුබායිහි දී ගන්නා නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳව ශී‍්‍ර ලංකා විදේශ සේවා කටයුතු අමාත්‍යාංශය අවධානයෙන් පසුවන බවද එහි ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...