ව්‍යාපාරික පුවත්

ශ‍්‍රී ලංකාව වැඩිම මූර්ත පොලියක් ඇති රටක් බවට ජාත්‍යන්තර පුවත් වාර්තා පවා පළ වූ බවත් එවැනි ඉහළ පොලියක් යටතේ විචක්ෂණශීලී කිසිදු ආයෝජකයෙක් ආයෝජනය කිරීම සඳහා මෙරටට නොපැමිණෙන බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති සහ හිටපු රාජ්‍ය ණය අධිකාරී ධම්මික නානායක්කාර මහතා ඊයේ (11 දා) ශ‍්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය.

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා රජය ගෙවන ඉහළ පොලී අනුපාත මෙයට හේතුවක් බව ද නානායක්කාර මහතා කොමිසම හමුවේ කියා සිටියේය.

තමා රාජ්‍ය ණය අධිකාරිවරයා ලෙස කටයුතු කළ වසර තුනක කාලයේදී භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලට ගෙවන සාමාන්‍ය පොලී අනුපාත සියයට 6 ක පමණ අඩු මට්ටමකට පවත්වාගෙන යෑමට තමා සමත් වූ බව ද දැන් එම පොලී අනුපාත පවතින්නේ සියයට 10 ක් වැනි ඉහළ මට්ටමක බව ද ධම්මික නානායක්කාර මහතා කියා සිටියේය.

මේ නිසා තමා රාජ්‍ය ණය අධිකාරිවරයා ලෙස කටයුතු කළ වසර තුනක කාලයේදී රජයේ පොලී වියදම අඩු වීම නිසා රජයට රුපියල් බිලියන 300 ක පමණ මුදලක් ඉතුරු කරදීමට තමා ඇතුළු කණ්ඩායම සමත් වූ බව ද සාක්ෂිකරු කියා සිටියේය.

මේ බව විවිධ කල්පිරීම් කාලයන් සහිත භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළව රජය එම කාලයේදී ගෙවන ලද පොලී අනුපාත අනුව මෙය ගණනය කළ හැකි බව ද මෙය තමාට තහවුරු කළ හැකි බව ද සාක්ෂිකරු කීවේය.

මෙය ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කිරීමට නියමිත බව ද එම ගණනය කිරීම් ලද පසු එය කොමිසමට ඉදිරිපත් කළ හැකි බව ද සාක්ෂිකරු තවදුරටත් කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතා විසින් සාක්ෂි විභාගය මෙහෙයවන ලදී.

භාණ්ඩාගාර බැඳුම්කර පොලී අනුපාත ඉහළ ගිය විට එසේ වැඩිවන රාජ්‍ය පොලී වියදම දැරීමට සිදුවන්නේ මහජනතාවට බව ද වක‍්‍ර බදු හරහා මේ මුදල් මහජනතාවට ගෙවීමට සිදුවන බව ද සාක්ෂිකරු කොමිසම අමතමින් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More