දේශීය පුවත්

ඊයේ දිනයේ 11 වැනිදා ගම්පහ පොදු පෙරමුණ කාර්යාලයේ දී අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා විසින් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පොදුජන පෙරමුණේ පක්ෂයේ සාමාජිකයෙකු විය යුතු බවත්, පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවත් ඉතා දැඩි ලෙස ප්‍රකාශ කළ බව වාර්තාවේ.

ඔහු විසින් එවැනි ප්‍රකාශයක් කරනු ලැබුවේ ප්‍රථම වතාවට බවද ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

ඔවුනට අනුව බොහෝ විට ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමට හේතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයකි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරන බව මන්ත්‍රීවරයා විසින් පවසා ඇත.

දේශපාලන අන්දකම් සහිත බැසිල් රාජපක්ෂ මහතා දුමින්ද දිසානායක පොඩි ළමයෙකු ගේ කතා වලට ප්‍රතිචාර දැක්වීම නුසුදුසු බවට බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයා ලංකා ලීඩ් නිවුස් වෙත අදහස් පල කරමින් සඳහන් කළේය.

ඔහුට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12% න් දිනවන්න බැරි බව නොතේරෙන නමුත් පොහොට්ටුවේ 40% න් පමණක් දිනන්න බැරි බව බැසිල්ට නොතේරෙන්නේ කුමක් නිසා දැයි ඔහු කණගාටුවෙන් සඳහන් කළේය.
මේ දෙදෙනාටම මොලේ සැදුනහොත් රටට කෙතරම් යහපතක් යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More