දේශීය පුවත්

රටේ අනිවාර්යයෙන්ම ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිවන බවත් ඉන්දියාව දැඩිව විශ්වාස කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පැවැසීය.

ඊයේ (11දා) බත්තරමුල්ල නෙලුම් මාවතේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේද කීය.

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ වාර්ෂික සමුළුවක විශේෂ ආරාධිත අමුත්තා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වුණා. මේ රටේ අනිවාර්යයෙන් ජාතික මැතිවරණයකින් වෙනසක් වෙන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ආණ්ඩුවක් බිහිවන බවත් ඔවුන් දැඩිව විශ්වාස කරනවා. අපි ඒ අයට කිව්වා අපේ එකම උත්සාහය බලය ලබා ගැනීම නොවන බව.

මේ ආණ්ඩුව අය – වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. රටට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක්. තව මාස අටකින් මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි. ඒ කාලය තුළ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යමක් කරයි කියලා හිතන්න බැහැ. මේ ආණ්ඩුවට එකතු වුණු එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර එකඟතාවක් තිබුණා. දැන් මේ කණ්ඩායම් වෙන් වෙලයි තියෙන්නේ. එක්සත් ජාතික පෙරමුණේ තියෙන්නේ සුළුතර ආණ්ඩුවක්. ඒ නිසා මේ අයට දමිළ සන්ධානය මත යැපෙන්න සිදු වෙනවා. ජාතික රජයක් සෑදීමේ හාස්‍යජනක උත්සාහයක මොවුන් නිරත වුණා. ජනතාව ඒ උත්සාහය ප්‍රතික්ෂේප කරන නිසා නෙවෙයි, ඒ උත්සාහය අත් හැරියේ. ඒ සඳහා අවශ්‍ය ඡන්ද නැති වීම නිසයි.

පසුගිය අය – වැයෙන් දස ලක්ෂ දහතුන් දහසක් වියදම් කළාට කිසිදු වැඩක් වුණේ නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වාර්තාවේ වගකීම් කිසිවෙක් භාරගන්නෙත් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පිහිටුවන ආණ්ඩුවේ ප්‍රමුඛ අරමුණක් වන්නේ 19 වැනි සංශෝධනය ඉවත් කිරීමයි. මේ සංශෝධනය ඉදිරිපත් කළේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අරමුණින්. නමුත් කථානායකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ව්‍යවස්ථා කමිටුව ඒ අරමුණ ඉටු කරන බව පේන්නේ නැහැ.

ජනාධිපතිතුමා ජේ‍යෂ්ඨ විනිසුරුවරයකුගේ නමක් යවනවා නම්, ඔහුට විරුද්ධව චෝදනාවක් එල්ල වෙලා නැති නම් ජනාධිපති වගකීමෙන් එවන නම ප්‍රතික්ෂේප කරන්න හේතු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. අධිකරණයේ ස්වාධීනත්වයට එය හානියක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More