පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර තිබුණු නමුත් එය අසාර්ථක වූයේ ඒ පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කළ නිසා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
මධුෂ්ව ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද LTTE ජාත්‍යන්තර ජාලයේ හිටපු නායක කේ.පී. ශ්‍රී ලංකාවට රැගෙන ආ ආකාරයට ම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
“අද මධුෂ් කියලා පුද්ගලයෙක් අහුවෙලා ඉන්නවා ඩුබායිවල. දැන් මධුෂ්ව ලංකාවට ගේන්න පුළුවන්ද කියන එක ගැන කවුරුත් විමසිල්ලෙන් ඉන්නෙ. හැබැයි මොකද්ද මෙතන වුණේ ? මධුෂ්ව පිටරට ඉඳලා ලංකාවට ගේන්න ඔක්කොම සෙට් කරලා තිබුණෙ. අර කේ.පී. ගෙනාවා වගේ.
කේ.පී. ගෙනාවෙ උසාවිය හරහාද ? උසාවිය හරහා නෙවෙයි. වෙන ක්‍රමේකට කොහොමහරි ලංකාවට ගෙනාවා. ඒකට අපේ පොලිසියත් සම්බන්ධ නෑ, ඒ රටවල පොලිසියත් සම්බන්ධ නෑ. කොහොමහරි සූට්කේස් එක්ක දාලාහරි ඒ මිනිහා ලංකාවට ගෙනාවා.
ඉතිං ඒ ක්‍රමය සකස් කරලා තිබ්බෙ. නමුත් මොකද්ද අවාසනාවකට වුණේ ? මේ කතාව පත්තරේට ලීක් කෙරුවා. දුන්නයින් පස්සෙ ඒ රටේ පොලිසිය ඒකට මැදිහත් වෙලා එයාව අත් අඩංගුවට ගත්තා. මම කියන්නෙ නෑ මේ කළු මාධ්‍ය කියලා. මේක ලීක් වුණේ නැත්නම් අද මධුෂ් ලංකාවෙ. මේක ලීක් වුණු නිසා තමයි ඒ ක්‍රමය වැරදුණේ” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...