ලබන පාර්ලිමේන්තු සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීමේ ඉඩකඩ පවතින බව අලුත්ම දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
නීතියට හා සම්ප්‍රදායට පටහැනිව පිහිටුවන ජාතික ආණ්ඩුවකට තමාගේ කිසිදු ආශීර්වාදයක් හිමි නොවන බවත් කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30කට වඩා කිසිදු ලෙසකින් වැඩි නොකරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ ජේයෂ්ඨයන් කිහිපදෙනකුටම දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.
මීට අමතරව මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, පී. රාධාක්‍රිෂ්ණන් ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් කිහිපදෙනකුම එක්සත් ජාතික පක්ෂයේ නායකයන්ට ප්‍රකාශ කර ඇත්තේ මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවකට යෑම එතරම් සුදුසු නොවන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ හර්ෂණ රාජකරුණා, හේෂා විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක්ද ප්‍රකාශ කර තිබෙන්නේ මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීම ගැන ජනතාව තුළ එතරම් ප්‍රසාදයක් නොමැති බවයි.
මේ අවස්ථාවේදී ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ මෙන්ම බිම් මට්ටමෙන්ද කිසිදු සංවාදයක් හෝ සාකච්ඡාවක් සිදු වී නොමැති බවද එක්සත් ජාතික පක්ෂයේ තවත් පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් පක්ෂයේ නායකයන්ට පෙන්වාදී තිබෙන බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...