දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකයා බවට සුමන්තිරන් මහතා පත්වන බවත් ඒ සඳහා අවශ්‍ය ඒ මූලික වටපිටාව සකස් කිරීම එළැඹෙන මධ්‍යම කාරක සභා වාරයේදී සිදු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. සරවනබවන් මහතා පැවැසීය.

යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් සරවනබවන් මන්ත්‍රිවරයා කියා සිටියේ නායකයකු වශයෙන් ආර්. සම්පන්දන් මහතා දෙමළ ජාතික සන්ධානයට ඉතා විශිෂ්ට නායකත්වයක් ලබා දුන් බවයි.

සම්පන්දන් මන්ත්‍රිවරයා අසනීපයෙන් පසුවීම නිසා ඔහු දෙමළ ජාතික සන්ධානයේ අනුශාසකවරයා වශයෙන් පත් කොට නායකත්වය සුමන්තිරන් මහතාට ලබාදීමට පක්ෂය තුළ සාකච්ඡාවක් මේ දිනවල සිදුවෙමින් පවතින බවත් ඒ පිළිබඳව පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරියේදී රැස් වූ විට කරුණු සාකච්ඡා කරන බවත් සරවනබවන් මහතා සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වයට පක්ෂයේ ජේ‍යෂ්ඨත්වය අනුව පත්විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතා වුවත් ඔහුගේ අසනීප තත්ත්වය නිසා ඔහුද සුමන්තිරන් මහතාව නායකත්වයට සුදුසු බවට අදහස් පළ කොට ඇති බවත් සරවනබවන් මන්ත්‍රිවරයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More