මදූෂ් ඇතුළු පිරිස සම්බන්ධයෙන් බර් ඩුබායි පොලිසියේ විමර්ශන අවසන් වී ඇතැයි එරට ආරංචි මාර්ග කියයි.
ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ බවට වාර්තා පළ වුවද මේ වන තෙක් කිසිම සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර නැතැයි එම ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවේ සිටින සැකකරුවන් කිහිප දෙනෙකු කොකේන් භාවිතා කර නොසිටි බවද එම ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ වන තෙක් කිසිම සැකකරුවකුට ඇප ලබා දී නොමැති අතර ඔවුහු බර්ඩුබායි පොලිසියේ රඳවා සිටිති.
විමර්ශන අවසන් නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එරට පොලිසිය කඩිනම් තීරණයක් ගනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...