දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණේ වවුනියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදීය.
විරෝධතාවයේ නිරත වූ අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කියා සිටියේ අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා අරඹන ලද සත්‍යග්‍රහයට මේ වනවිට දින 719 ක් ඊයේ(09) දිනට ගෙවුනද අතුරුදහන්වුවන්ගේ ගැටලුව වෙනුවෙන් විසඳුමක් ලබාදීමට සම්බන්ධන් හා සුමන්තිරන් කිසිදු පියවරක් නොගෙන මේ දිනවල එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැකීමේ උත්සාහයක නිරතව සිටින බවටය.
එමෙන්ම තමන්ගේ ඡන්දයෙන් බලයට පත්වූ සම්බන්ධන් හා සුමන්තිරන් ජනතාවගේ ගැටලු පසෙකලා බලය පසුපස පමණක් හඹා යන බවටත් එමගින් දෙමළ ජනතාව තැබූ විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩවී ඇති අතරම ඔවුන් දෙමළ ජනතාවද බිල්ලට තබමින් සිටින බවටය.
අතුරුදහන් වූවන්ගේ ගැටලුව වෙනුවෙන් රජය සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදීම ඉල්ලා සිටියද ඒ වෙනුවෙන් ආර්. සම්බන්ධන් හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයා කිසිදු පියවරක් නොගැනීම නිසා තමන්ගේ ගැටලුව වෙනුවෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් මත විසඳුමක් ලබාදිය යුතු බවට තමන් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීම් කොට ඇති බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...